Wajira Somarathne is a researcher in the field of Localization (L10n) and local language implementations of information technology. Wajira followed his bachelor’s degree at Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka. He has been working as a Student Ambassador in Microsoft Student Champ Community by sharing the knowledge among the university as well as school technical communities for more than 2 years. He has also worked with Microsoft Sri Lanka as an external trainer. He currently works as a software engineer at hSenid, a software development firm in Sri Lanka
 

අපි සිංහලෙන් වැඩ කරමු

03/30/2009 12:57 am By Wajira Somarathne | Articles: 4

 

Microsoft Office - Excel සමඟ සිංහල

 

සිංහල බසින් අපේ පරිගණකය හරහා කරගත හැකි වැඩ කටයුතු කිහිපයක්ම අපි මුල් ලිපි දෙකෙන් සාකච්ඡා කළා. එහි තවත් ඉදිරියට යමින් අපි අද විමසා බලමු මයික්‍රොසොෆ්ට් එක්සෙල් මෘදුකාංගය ඔස්සේ අපිට අපේ බසින් කළ හැකි වන්නේ මොනවාදැයි කියා. අප සියලු දෙනා දන්නා පරිදි මෙම මෘදුකාංගය යොදා ගන්නේ කිසියම් වූ දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමට, සකස් කිරීමට සහ ඉදිරිපත් කිරීමටයි. මීට අමතරව මයිකොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය හරහා සිදුකර ගත හැකි පිටු සැකසීම් ආදී කාර්යයන් සඳහාද මෙම මෘදුකාංගය භාවිතවන අතර එහිදීද සිංහල බස භාවිතය සිදුවන්නේ අප පෙර සඳහන් කළ ආකාරයටමයි. එනිසාවෙන් අද මෙම ලිපියෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ‍එක්සෙල් මෘදුකාංගයටම අදාලව සිංහල බස යොදාගත හැකි ආකාරයයි.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අප යුනිකෝඩ් සිංහල අකුරු භාවිත කළ යුතුවීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. අප විසින් යුනිකෝඩ් නොවන සිංහල අකුරු භාවිතයේදී අප මුහුණ පාන ගැටළු කීපයක්ද අපි අද අවධානයට යොමු කරමු.

අප පළමුව සිංහලෙන් වගුවක් සකස් කර ගනිමු. මෙහිදී අප මීට පෙර සිංහල බසින් යතුරු ලියනය කළ ආකාරයටම ලැන්ග්වේජ් බාර් එක හරහා සිංහල භාෂාව තෝරා ගෙන යතුරු ලියනය කරන්න. මෙහිදී මම උදාහරණයක් ලෙස යොදා ගන්නේ පොත් ලේඛණයක් සකස් කිරීමයි.

එය මේ ආකාරයෙන් දැක ගත හැකියි.

 

මේ ආකාරයෙන් සකස් කළ වගුවක පොත් වල නම් පිළිවෙලකට සකස් කළ යුතුයැයි සිතන්න. ඒ සඳහා සිංහල අකාරාදී පිළවෙලට මෙම දත්ත සකස් කර ගැනීම ඉතා පහසුයි. මෙහිදී ඔබ කළ යුත්තේ පොතේ නම තීරය තෝරා right click කර sort මෙනුව යටතේ A – Z හෝ Z - A ක්‍රම 2න් එකක් තෝරා ගන්න. දැන් ඔබට ලැබෙනුයේ මෙසේ පිළිවෙලට සකස් වුණු වගුවයි.

 

 

සකස් වුණු වගුව මේ ආකාරයෙන් දැක ගත හැකි වේවි.

 

 

එයට හේතුව වන්නේ අදාල වචන වලට අදාල ඉංග්‍රිසි අකුරු ඔස්සේ එම පිළිවෙල කිරීම සිදු වීමයි. අදාල ඉංග්‍රීසි අකුරු මේ ආකාර වෙයි. එම නිසා මෙම පහසුකම් ලබා ගැනීම සඳහා යුනිකෝඩ් අකුරු භාවිතය අත්‍යාවශ්‍ය වේ.

 

 

අපි දැන් බලමු අපට අදාල වචනයක් මෙම වගුව තුල සොයා ගන්නේ කෙසේද කියා. මෙහිදී සුපුරුදු පරිදි Find හෝ Replace පහසුකම යොදා ගත හැකියි. මෙහි ඇති විශේෂත්වය නම් මෙම Find What කොටුව තුළ සිංහල වචන ඇතුලු කළහැකි වීමයි. අදාල වචනය සොයන ආකාරය, සහ ප්‍රතිපල පහත ආකාර වෙයි.

 

 

මෙහිදීද කිව යුතු වන්නේ යුනිකෝඩ් නොවන අකුරු භාවිත කළේ මෙම පහසුකම ලබා ගැනීමට නොහැකි බවයි.

අදාල දත්ත තෝරා ගැනීමේ හැකියාවද අපට මෙහිදී ලබා ගත හැක. එක්සෙල්හි Filter කිරීම ඹස්සේ අපි දැන් ඉහත වගුවෙන් “ගිහාන් පොත්හල” මගින් ප්‍රකාශිත පොත් වල විස්තර පමණක් ලබා ගනිමු.

 

 

මෙහිදීද කිව යුතු වන්නේ යුනිකෝඩ් නොවන අකුරු භාවිත කළේ මෙම පහසුකම ලබා ගැනීමට නොහැකි බවයි.

අදාල දත්ත තෝරා ගැනීමේ හැකියාවද අපට මෙහිදී ලබා ගත හැක. එක්සෙල්හි Filter කිරීම ඹස්සේ අපි දැන් ඉහත වගුවෙන් “ගිහාන් පොත්හල” මගින් ප්‍රකාශිත පොත් වල විස්තර පමණක් ලබා ගනිමු.

මෙහිදීද අප යුනිකෝඩ් නොවන අකුරු භාවිත කළේ නම් Filter window 1 දිස්වන්නේ මේ ආකාරයටයි.

 

 

නමුත් යුනිකෝඩ් අකුරු නිවැරදි ලෙසම පෙන්නුම් කරන්නේ මේ ආකාරයටයි. 

 

 

මීට අමතරව එක්සෙල් වර්ක් බුක් එකක ඇති sheet පවා සිංහල නම් වලින් නම් කළ හැකියි. උදා.

 

 

දැන් මෙම වගුව අවසාන තීරුවට තවත් තීරයක් එක් කර එහි “විකුණූ ප්‍රමාණය” සටහන් කරමු. දැන් අපි සූදානම් වන්නේ මෙම දත්තය ප්‍රස්ථාරිකව දක්වන්නයි. එයද සිය බසින් දැක්වීම ඉතාමත්ම පහසුයි.

 

 

මේ ආකාරයෙන් අප ඉංග්‍රීසි බසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම දැන් යුනිකෝඩ් අකුරු හරහා Microsoft Excel මෘදුකාංගය යොදාගෙන ඉටු කර ගන්නට පුළුවන්.

අදට අපි නවතින්නයි සූදානම් වන්නේ. මෙම ලිපිය සම්බන්ධ ප්‍රතිචාර පහතින් දක්වන්නේනම් අප ඉතාමත් සතුටුයි. අපි මීළඟ ලිපියෙන් කතා කරන්නට බලා පොරොත්තු වන්නේ ඊ මේල් සඳහා සිංහල භාවිත කළ හැකි ආකාරයයි.

 

Previous article

 

Share/Save
No votes yet

Post new comment