Hardware: Motherboard

by Prasad Dissanayake
ආයුබෝවන් මම ප‍්‍රසාද් දිසානයක. ඔබට මතක ඇති අපි ගිය මාසෙ වීඩියෝ එකෙන් ගෙන ආව පරිඝණකයක් කියන්නෙ මොකක්ද, ඒකෙ තියෙන ප‍්‍රධාන කොටස් මොනවද ඒ එක එකක් පිළිබඳ කෙටි විස්තරයක් ගෙන ආවා. ඒ කියන්නේ Motherboard එක, Processor එක, RAM එක, ඒ වගේම VGA Card එක ගැන. ඒත් එක්කම හයි කරල තියෙන System Unit එක ගැන. පොඩි විස්තර කිහිපයක් අපි ගෙන ආවා. ඒ වගේම ඔබට මතක ඇති ඒඑ ක එකක් පිළිබඳව වැඩිදුර විස්තර අප ඉදිරියේ දි ගෙන එනව කියල.
ඉතින් මම අද කල්පනා කළා Motherboard එක ගැන විස්තර කීපයක් ගෙන එන්නට. අපි මුලින්ම බලමු Motherboard එකක් නැත්නම් මව් පුවරුවක් මුලින්ම කොහොමද අප අතට පත් වෙන්නෙ කියලා. මේ වගේ ඇසුරුමක තමයි Motherboard එක අප අතට ලැබෙන්නේ. මේ Box එකේ ඇතුළත තියනවා Motherboard එකට අමතරව මේ වගේ Motherboard Manual එකකුයි, Motherboard Driver එකේ CD එකයි. ඊට අමතරව අපට හම්බ වෙනවා IDE Cable එකක්. අලූත් Motherboard වල SATA 2 Cable එකක් හම්බ වෙනවා. ඒත් එක්කම Floppy Disk Drive එක සම්බන්ධ කරන FDD Cable එකත් හම්බ වෙනවා.
ඔබට මේ Motherboard Box එකේ පිටතින් බලපුවහම පොඩි විස්තරයක් තියෙනවා. Summary එකක් කියලා. මේ Motherboard එකේ වර්ගය මොකක්ද Processor එක හයි කරන්න පුළුවන් Socket එක මොකක්ද, ඒ වගේ පොඩි පොඩි විස්තර කිහිපයක් ඔබට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ එක එකක් පිළිබඳව විස්තර Motherboard Manual එකෙන් ඔබට බලාගන්ඩ පුළුවන්.
මුලින්ම ඔබට පේනවා ඇති මෙතන දැලක් වගේ කොටුවක් තියනවා. ඇත්තටම මේක Processor එක සම්බන්ධ වන Socket එක. මේ Motherboard එකේ හා මේ Socket එක Socket 462 කියන එක. ඇත්තම මේක අපි දැන් Socket A කියල තමයි කියන්නේ. මෙතන ඔවට පේනව ඇති Motherboard එකට Power Supply එක සම්බන්ධ කරන Port එක. මෙතන තියෙන්නෙ Pin 20 Power Connector එකක්’ මෙතන තියනවා AMR එහෙම නැත්නම් Audio / Modem Riser කියන Slot එක.
මේකට සම්බන්ධ වෙන්නෙ Audio Output දෙන නැත්නම් Modem එකේ කාර්යය කරන Expention Cord එකක්. මෙතන ඔබට පේනව ඇති AGP Slot එක (Accelerated Graphics Port) මෙතන තියනවා 2x, 4x, 8x, Slots ඒ වගේම මේ සුදු පාටින් පේන්නෙ PCI Slots (Pheripheral Component Interconnect) මෙතන තියෙනවා RAM එක හයි කරන Slots තුනක්. ඒ වගේම මෙතන එහා පැත්තෙ තියෙනව Floppy Pisk එක හයි කරන එහෙම නැත්නම් FDD Connector එක. මෙතන නිල් පාටිනුයි කොල පාටිනුයි තියෙනවා IDE Port දෙකක්. එහෙම නැත්නම් වෙනත් කමකින් කියනව නම් PATA කියනවා. (Parallel Advance Technology Attachment) නිල් පාටින් Primary IDE එක, කළු පාටින් Secondary IDE එක තියෙනවා. ඒ වගේම මෙතන ඔබට පේනවා ඇති BIOS Chip එක. මෙතන තියෙනව PC Speaker එක. ඔබට මතක ඇති Keyboard එකේ Keys වැරදියට Press කරපු අවස්ථාවල සාමාන්‍ය Sound එකක් නොවන Beep ශබ්දයක් දෙන PC Speaker එක තමයි මේ.
දැන් මං කියන්න යන්නෙ Motherboard එකේ තියෙන ප‍්‍රධාන Chips 2 ක් ගැන. මෙතන තියෙනවා South bridge එක සහ මෙතන තියනවා North bridge එක. මේ Chips දෙකෙන් තමයි Motherboard එකේ අන්තර්ගතයේ සිදුවන ක‍්‍රියාකාරිත්වය සිදු කරන්නෙ. මේ North bridge එකෙන් අපේ RAM එකයි Processor එකයි අතර සිදුවන ක‍්‍රියාකාරිත්වය Synchronize නැත්නම් හමූහර්ථනය කියන සංහළ වචනයෙන් කියැවෙන ඒඑ ක එකක් එකට සිදුකිරීමේ කාර්යය සිදුකරන්න තමයි මේ North bridge එක තියෙන්නෙ. South bridge එක තියෙන්නෙ PCI Slots ඒ වගේම මේ Floppy Disk Connecter Hard Disk Drive එකට සම්බන්ධ වන Port එක අතර සම්බන්ධතාවය ඇති කරන්න.
දැන් මං පෙන්වන යන්නෙ මේ Front Panel එක. ඔබට පැහැදිලිවම නොවෙනුනත් මේ Motherboard එකේ නම් කරල තියෙනවා මෙතනට තමයි සම්බන්ධ වෙන්නෙ Power on button එක සහ Reset button එක. ඒ වගේම අපට Hard Disk එක වැඩ කරනව ද කියල පෙන්වන Indicate කරන LCD එකයි, Power Indicate කරන LCD එකයි සම්බන්ධ වෙන්නෙ. එ වගේම මෙතන අපට පේනව Front USB එක සම්බන්ධ වෙත තැන. දැන් අපි බලමු මේ එක එක Slots වලට සම්බන්ධ කරන්ඩ පුළුවන් එක එක Cards සහ Cable ගැන.
මේ තියෙන්නේ Floppy Disk එක සම්බන්ධ කරන Cable එක. මේ පැත්තෙ මේ වටර් ටික මාරු කරල තියෙන පැත්ත සම්බන්ධ වෙන්නෙ Floppy Disk Drive එකට. ඒ වගේම අනිත් පැත්ත සම්බන්ධ වෙන්නෙ Motherboard එකට. ඒකෙ මේ වගේ පොටි කට්ටයක් තියෙනවා. Motherboard එකෙත් තියෙනව ඒ වගේම පොඩි කට්ටකයක්. ඒ කියන්නෙ අපිට හරිම පහසුයි මේක Motherboard එකට සවිවන අකාරය දැන ගැනීම. ඊළඟට අපි බලමු IDE Cable එක. මෙතන ඔබට පේනව ඇති මේ IDE Cable එක නිල් පාටයි. ඒ වගේම මේ Port එකත් නිල් පාටයි. මේක අපට පහසුයි බලාගන්න. මේකෙත් තියනවා පොඩි කට්ටයක්. ඒත් එක්කම Port එකේ තියෙන Pin එකක් පහල තියනවා. Motherboard එකෙත් තියෙනවා ඊට හරියන කට්ටෙකුයි Pin එකක් නැති තැනකුයි. ඒ කියන්නෙ වහල තියෙන Pin එකයි කට්ටෙයි බැදුවම මේක මේ ආකාරයෙන් සවි වෙනවා.
අපි ඊළඟට බලමු RAM එක සම්බන්ධ වෙන්නෙ මොන ආකාරයට ද කියල. මේක ඇත්තටම SD RAM එකක්. මේකෙ තියෙනවා Notch දෙකක්. එහෙම නැත්නම් පොඩි කාණු 2 ක්, කට්ට දෙකක්. මේක සම්බන්ධ වෙන්නෙ මේ විදිහට එක පැත්තකට පමණයි. මෙහෙම තියල තද කරපු ගමන් දෙපැත්තෙ කට්ට දෙක Lock වෙනවා. නැත්නම් අපි මේක දෙපැත්ත මාරු කරල හයි කරන්න හැදුවොත් මේක උඩ මුහුණතෙන් පහලට තල්ලූ වෙන්නෙ නෑ.
ඊලඟට අපි බලමු PCI Card එකක් සම්බන්ධ වෙන විදිහ. මේ තියෙන්නෙ ගිය සැරෙත් මම පෙන්වපු Modem Card එක. මේක මේ විදිහල සම්බන්ධ වෙනවා. මේකෙත් කට්ටයක් තියෙනවා. දැන් අපි බලමු VGP Card එක AGP Slot එකට සවිවන ආකාරය.
මේ ආකාරයෙන් ඒක සම්බන්ධ වෙනවා. ඔබට පේනව ඇති මේ VGP Card එකේ වගේම ීකදඑ එකෙත් කට්ට තියෙනවා. මේ තියෙන්නෙ Motherboard එකට Power Connecter එක සම්බන්ධ කරන Port එක මේකෙ තියෙනවා. ඇත්තටම මෙතන දක්නට ලැබෙන්නෙ Pin 20 ක එකක්. අනෙකුත් ඒ වගේ තියෙනවා Pin 24 එකකුයි, 12 Volt Pin 4 ක එකකුයි. මේ Motherboard එකේ දි මේ Pin 24 න් 4 ක කොටස ඉවත් කරන Pin 20 කොටස සවි කරන්න පුළුවන්. මේකෙ තියෙනවා Lock එකක්. ඒ නිසා නිකම්ම මේක ගලවන්න බෑ. ඒක තු කරල තමයි ගලවන්න ඕන.
මේ Power Cables/ RAMs/ Cards/ හැම එකක්ම Motherboard එකට සම්බන්ධ වෙන්නෙ එක පැත්තකට විතරයි. ඔබ ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. මේ හැම එකක්ම නිර්මාණය කරල තියෙන්නෙ විශේෂිත හැඩ වලට. ඔබට හොඳින් බැලූවොත් පේනව ඇති මුළු රවුම් කරල, හතරැුස් කරල හදල තියෙනවා. ඒකෙන් භාවිතා කරන අපට පහසුවක් සහ Motherboard එකට ආරක්‍ෂාවක් සපයල තියෙනවා.
ඉතිං මම හිතන ඔබට මෙවර Motherboard එක පිළිබඳව වැදගත්මයි කියල හිතෙන විස්තරයක් ගෙන ආවා කියල. ඒ වගේම අලූත් ඒවා ගැනත් අපි ඉදිරියෙදි කථා කරනවා. විශේෂයෙන්ම ලබන වීඩියෝ එකෙන් Processor සහ RAM ගැන තමයි වැඩිදුර විස්තර අපි ගෙන එන්නෙ. ඔබට යම් කිසි පැණයක් තියෙනවා නම් comments@digit.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. බොහොම ස්තුතියි.



Post new comment