
පරිගණක වල වර්ගීකරණය
07/31/2009 8:50 am By Rahula Samaranayake | Articles: 11
පහත දැක්වෙන ක‍්‍රම ඔස්සේ පරිගණක වර්ගීකරණය සිදුකළ හැක.
1. ගණනය කිරීම් ආකාරය (Computational method)
2. විශාලත්වය හා ශක්‍යතාවය (Size and Capability)
3. අරමුණ (Purpose)
ගණනය කිරීම් ආකාරය අනුව පදනම් වූ වර්ගීකරණය
පරිගණක පද්ධතියක් ගණනය කිරීමට යොදා ගන්නා ක‍්‍රමය පාදක කොටගෙන පරිගණකයක් පහත ආකාර යටතේ වර්ග කර දැක්විය හැකිය.
x සංඛ්‍යාංක (Digital) පරිගණක
x ප‍්‍රතිසම (Analog) පරිගණක
x මුහුන් (Hybrid) පරිගණක
සංඛ්‍යාංක පරිගණක (Digital Computers)
සංඛ්‍යාංක පරිගණකයකට විවිධ ආදාන උපක‍්‍රම (Input devices) ඔස්සේ අංක සහ අක්‍ෂර භාරගැනීම සහ ගණන් කිරීම (Count) සිදු කළ හැක. මෙවැනි ආදාන උපක‍්‍රම වලින් ලැබෙන දත්ත පරිගණකය විසින් ඉලෙක්ට්‍රොනික ස්පන්ද (Electronic Pulses) බවට පරිවර්තනය (Convert) කරන අතර සංඛ්‍යා මත ප‍්‍රභින්න (discrete) ආකාරයෙන් ගණිතමය ක‍්‍රියා (arithmetic operations) ඉටුකරනු ලැබේ. ගණිතමය ක‍්‍රියාවලි ඉටුකිරීමට අමතරව සංඛ්‍යාංක පරිගණකයකට සැකසීම (Processing) සඳහා දත්ත ගබඩා කිරීම (storing) තාර්කික ක‍්‍රියාවලි (logical operations) ඉටුකිරීම සහ අදාන දත්ත (input data) සංස්කරණය කිරීම (edit) මකා දැමීම (delete) වැනි ක‍්‍රියාවලි ද සිදුකිරීමේ හැකියාව ඇත.
සංඛ්‍යාංක පරිගණකයක ප‍්‍රධාන වාසිය වන්නේ අවශ්‍ය තරම් දශමස්ථාන --------- සැලකීමෙන් කැමති මට්ටමක නිරවද්‍යතාවයක් (accuracy) ලබාගත හැකි වීමයි. එබැවින් මේවා වෙළඳ ව්‍යාපාර යෙදීම් (Business applications) සඳශා වඩාත්ම සුදුසු වේ. මේවායේ ප‍්‍රධාන අවාසිය වන්නේ වැඩි වියදම් සහ ක‍්‍රමලේඛනගත කිරීමේ (Programming) ඇති සංකීර්ණතාවයයි.
ප‍්‍රතිසම පරිගණක (Analog Computers)
සංඛ්‍යාංක පරිගණක මෙන් නොව ප‍්‍රතිසම පරිගණක ආදාන දත්ත (input data) සන්තතික/නොකැටුණු (Continuous) ආකාරට සැකසීම (Process) සිදුකරයි. සන්තතික දත්ත සඳහා උදාහරණ ලෙස වෝල්ටීයතාව (Voltage) ප‍්‍රතිරෝධය (Resistance) උෂ්ණත්වය (temperature) වැනි දේ දැක්විය හැකිය. ඉංජිනේරු සහ විද්‍යාත්මක යෙදීම් වලදී සැකසීමට නියමිත රාශි (Quantities) පවතින්නේ උච්ඡුාවචනය මත වෝල්ටීයතා තරංග ලෙසය. ප‍්‍රතිසම පරිගණකයකට අවශ්‍ය මිනුම් (Measurements) ලබා ගන්නේ තනි අරමුණ උපක‍්‍රම (Single Purpose Device) කිහිපයක් පමණක් බැවින් එය මිල අඩුවන අතර වැඩසටහන්ගත කිරීමට ද (Programming) පහසු වේ.
ප‍්‍රතිසම පරිගණකයක ප‍්‍රධාන අවාසිය වනනේ එහි නිරවද්‍යතා සාධකයයි. (Accuracy factor) මෙම සාධකය සැලකිල්ලට ගැනීමේ දී සංඛ්‍යාංක පරිගණකය වඩා ඉදිරියෙන් සිටී. එබැවින් අප ඉහත දී උගත් ආකාරයට ප‍්‍රතිසම පරිගණක ව්‍යාපාර යෙදීම් (Business Applications) සඳහා යොදා ගැනීම සුදුසු නොවේ. මීට අමතරව සීමිත ගබඩා ධාරිතාවය ද (Storage Capacity) තවත් එක් අවාසියකි.
මුහුන් පරිගණක (Hybrid computers)
ඇතැම් කොටස් සංඛ්‍යාංක ගණනය කිරීම් (digital computation) හා සම්බන්ධව ද ඇතැම් කොටස් ප‍්‍රතිසම මූලධර්ම (Analog Principles) මත පදනම් වන ආකාරයට ද නිර්මාණය කර ඇති පරිගණක විශේෂයකි.
උදාහරණ :- ක‍්‍රියාදාම පාලන පරිගණක පද්ධතිවල (Process control computer system) දී පීඩනය, උෂ්ණත්වය වැනි ප‍්‍රදාන ලබාගන්නේ ප‍්‍රතිසම (Analog) ආකාරයට ය. මෙම ප‍්‍රදාන දත්ත ලබාගැනීමෙන් පසු ඒවා සංඛ්‍යාංක ගණනය කිරීම් පද්ධතියට (digital computer unit) සැකසීම (Process) සඳහා යවනු ලැබේ. මෙහිදී ප‍්‍රතිසම හා සංඛ්‍යාංක යන මූලධර්ම දෙකම උපයෝගී වන බැවින් මෙම පද්ධතිය මුහුණු පරිගණක පද්ධතියක් ලෙස හැඳින්වේ.



Post new comment