
සිංහලෙන් වැඩ කරන විස්ටා සමඟ ඔෆිස් 2007
07/31/2009 6:26 am By Wajira Somarathne | Articles: 4
ලාංකීය පරිගණක ක්ෂේත්රෙයේ මෑත කාලයේදී සිදුවූ විශාලතම වෙනස පසුගිය දා අපිට අසන්නට ලැබුණා. ඒ
සමාගමේ නිෂ්පාදනයක් වන වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ
ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල මාධ්යෙයෙන් පරිගණකය මෙහෙයවීම සඳහා නිපදවූ භාෂා අතුරු මුහුණත එළි දැක්වීමයි.
මෙම ලිපි පෙළේ මුල් ලිපි වලින් අපි කතිකා කළේ සිංහල අකුරු යොදා ගෙන අපට පරිගණකයේ කළ හැකි වැඩ කටයුතු රැසක් පිළිබඳවයි. එහිදී අපට සම්පූර්ණයෙන්ම සිංහලෙන්ම වැඩ කටයුතු කරගෙන යාමට පැවති මූලික බාධාවක් වූයේ පරිගණකයේ උපදෙස්ල මෙනු, විධාන, සංවාද ආදිය ඉංග්රීසි මාධ්ය යෙන්ම පැවතීමයි. නමුත් දැන් ඒ බාධකය සුනු විසුනු කරන්නට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියටත්ල මයික්රො සොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයටත් හැකියාව ලැබී තිබෙනවා.
අපි පළමුව සොයා බලමු මොකක්ද මේ "භාෂා අතුරු මුහුණතක්” කියන්නේ කියලා.
"භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack-LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්රොමසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයක්. යම් මූලික භාෂාවක් (සාමාන්යශයෙන් ඉංග්රීමසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂාව වෙත පරිවර්තනය වීම සිදුවෙනවා.”
මෙහි දැක්වෙන පරිදි අපි විස්ටා ඉංග්රීසි සංස්කරණයක් මත සිංහල භාෂා අතුරු මුහුණත ස්ථාපනය කළ විට පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත් සැලකිය යුතු මට්ටමකින් සිංහල මාධ්ය්යෙන් දැක ගත හැකි වනවා. එලෙසින්ම මයික්රොලසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයට අදාල සිංහල අතුරුමුහුණත ස්ථාපනය කළ විට අදාල මෘදුකාංගයේ අතුරු මුහුණත් ද සිංහල බසින්ම පෙන්නුම් කරනවා.
අපි පළමුව විමසා බලමු විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත පිළිබඳ ව. විස්ටා සිංහල අතුරු මුහුණත ස්ථාපනය කළ විට මෙහෙයුම් පද්ධතියේ සෑම අංගයක් ම පාහේ සිංහල බසින් තමයි අපිට දැකගන්න ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ඔබේ My computer අයිකනය "මගේ පරිගණකය” ලෙසින් නම් වී තිබෙනු ඔබට දැක ගත හැකි වේවි. start බොත්තම "අරඹන්න” යනුවෙන් දේශීයකරණය වෙලා.

"අරඹන්න” බොත්තම හරහා ඔබට "සියලු ක්ර මලේඛ ” (All Programs), මෑත අයිතම (Recent Items) ජාලය (Network) පාලක පුවරුව (Control Panel), උදව් සහ සහාය (Help) වෙත පිවිසෙන්නට පුළුවන්ග ඉංග්රීසසි දැනුම අල්ප මට්ටමේ පරිගණක භාවිත කරන්නෙකුට මෙවැනි සිංහල මාධ්යර මෙනුවකින් තම කාර්යය කර ගැනීමට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්ග
මෙන්න විස්ටා පාලක පුවරුව හෙවත් Control Panel එක දැන් අපිට පෙනෙන අයුරු.

සාමාන්යගයෙන් Control panel (පාලක පුවරුව) තුල ඇති සැකසුම් තරමක් සංකීර්ණ වන අතර මෙහිදී සඳහන්වූ විස්තර අවබෝධ කරගැනීමට නම් යම් පමණක හෝ ඉංග්රීමසි අවබෝධයක් අත්යා්වශ්යකමයි. නමුත් බලන්න සිංහලෙන් අදාල සැකසුම් විස්තර කර ඇති අපූරුව...

සැබැවින්ම මෙම අතුරු මුහුණත ඉතා සාර්ථක ව්යාගයාමයක් බවට දැනටමත් ඔබට හැඟී යනවා ඇති. මෙපමණක් නොවෙයි. වින්ඩෝස් explorer පෙනුමත් වෙනස් වන්නේ මේ ආකාරයෙන්....

මෙලෙසින් මෙහෙයුම් පද්ධතියේ මූලික කාර්යයන් පමණක් නොව මෙහෙයුම් පද්ධතිය සමඟ ස්ථාපනය වන මෘදුකාංග පවා දැන් සිංහලට හැරවිලා. අපි මුලින්ම චිත්රත ඇඳපු paint, කැල්කියුලේටරය, Media Player හෙවත් මාධ්යා ධාවකය, දින දසුන, සබඳතා මෙන්ම Movie Maker හෙවත් සලරූ නිමැවුම් කරු බොහෝ දුරට මෙම භාෂා අතුරු මුහුණත මඟින් සිංහලට හරවා තිබෙනවා.
Media player හෙවත් මාධ්ය ධාවකය සිංහල මාධ්ය්යෙන් දිස් වන්නේ මේ ආකාරයෙන්.

මෙවැනි සංකීර්ණ අතුරු මුහුණත් පමණක් නොව ශබ්ද පටිගතකරණය වැනි සරල අතුරු මුහුණත් පවා සිංහලට නඟා තිබෙනවා.
පරිගණක- මෘදුකාංග දේශීය කරණයේ එක් සුවිශේෂී ගුණාංගයක් වන විවිධ භාෂාවන්ගෙන් එකම මෘදුකාංගය ප්රගයෝජනයට ගැනීමේ හැකියාව විස්ටා මෙහෙයුම් පද්ධතිය මගින් මනාව පෙන්නුම් කර තිබෙනවා. අප මෙතෙක් වේලා සලකා බැලූයේ විස්ටා සිංහල අතුරු මුහුණත ගැනයිග එලෙසින් ම මයික්රොතසොෆ්ට් ඔෆිස් මෘදුකාංග කට්ටලයට ම සිංහල අතුරු මුහුණතක් නිපදවා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ වර්ඩ් මෘදුකාංගය තුල සිංහල බසින් මෙනු දිස්වන ආකාරයයි.

ඔෆිස් - සිංහල අතුරු මුහුණතෙහි සුවිශේෂී තා රැසක් ම තිබෙන නිසා වෙන් අපි මීළඟ කලාපයේ දී ඒ ගැන වැඩි තොරතුරු කතා කරමු.
එතෙක් ඔබත් පහත දැක්වෙන විස්තර වලට අනුව යමින් සිංහලෙන් මයික්රොාසොෆ්ට් ඔෆිස් මෘදුකාංග කට්ටලයත් භාවිත කර බලන්න.
දැන් අපි බලමු සිංහල භාෂා අතුරු මුහුණත පරිගණකයේ ස්ථාපනය කර ගන්නේ කොහොමද කියලා.
මෙම සිංහල භාෂා අතුරු මුහුණත ඔබට නොමිලේම ලබා ගන්නට පුළුවන්. මෙන්න යා යුතු තැන්,
වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට
http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx
http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx
මයික්රොවසොෆ්ට් ශ්රීක ලංකා වෙබ් අඩවිය
http://www.microsoft.com/en/lk/default.aspx
ඔබ විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම ඇරඹූ පසු පහත ආකාරයේ තිරයත් ඔබට දැක ගත හැකි වේවි.

ඉහත තිරයෙන් "Next" ක්ලික් කර පහත තිරයේ දැක්වෙන පරිදි බලපත්රහ ගිවිසුමට එකඟතාව පළ කරන්න.
යලිත් "Next" ක්ලික් කරල මීළඟට "Install” මත ක්ලික් කරන්න. මොහොතකින් පහත තිරය දිස් වන්නේ අදාල ස්ථාපනය අවසන් බව පැවසීමටයි.

විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සඳහා භාවිත වන භාෂාව වෙනස් කිරීම සඳහා "Change my display language to:” මත ක්ලික් කරන්න. ඉන් පසු "Log off” බොත්තම ඔබන්න. නැවත ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසි විට සිංහල බසින් දැක්වෙන මුහුණත් දැක ගත හැකි වේවි.
ඔබට මුල් භාෂාවටම යලිත් යන්නට අවශ්යක නම් ල පාලක පුවරුව (or Control panel) වෙත ගොස් "කලාපීය සහ භාෂා අභිරුචි” (or Regional or Language Options) මත දෙවරක් ක්ලික් කරන්න.

ලැබෙන සංවාද කොටුවෙන් "යතුරු පුවරු සහ භාෂා” (or keyboards or languages) තෝරා ගන්නග ඉන් පසු "දැක්වුම් භාෂාවක් තෝරන්න” (or choose a display language) මගින් ඔබට අවශ්ය භාෂාව තෝරා ගන්න.

මෙහිදී "OK” ක්ලික් කළ විට පරිගණකය වැරීමට (Log off) ඔබේ අවසර පතයි. එවිට "දැන් වරන්න” (or Log off now) ක්ලික් කරන්න.

ඔබ යළිත් පරිගණකයට පිවිසිය විට අදාළ භාෂාවෙන් පෙන්නුම් කෙරෙනවා. මේ අයුරින් භාෂාවන් අතර මාරු වීම සිදු කළ හැකියි.
ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ඉංග්රීවසි භාෂා වසර වෙනුවෙන් මයික්රොෙසොෆ්ට් සමාගමෙන් මෙම ත්යාාගය අපේ රටට ලබා දීමේ කාර්යය සඳහා ශ්රී් ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයල විශ්ව විද්යාෆල ප්රෙජාව සහ දේශීය භාෂා විශාරදයින්ද මයික්රෝසොෆ්ට් ආයතනය සමඟ අත් වැල් බැඳන් සිටිනවා. ඔවුන් සියලු දෙනා වෙත අපේ හද පිරි ස්තූතිය පළකිරීමත් ඉතා වැදගත්.
(මෙම ලිපිය සැකසීමේදී මයික්රොරසොෆ්ට් ආයතනය නිකුත් කළ ර්‍ණපරිගණකයේ සිංහල ස්ථාපනයට උපදෙස්” ලේඛනයේ යම් කොටස් උපුටාගන්නා ලදී.)



Post new comment