Colombo, Sri Lanka
16-06-2010
Colombo 05, Sri Lanka
24-07-2010
Dehiwala, Sri Lanka
21-05-2010
Dehiwala, Sri Lanka
21-05-2010
Shell Scripting සිංහලෙන්

by Sameera Shaakunthala

ලිනක්ස් පාරිසරිකය තුළ දී shell script සකස් කර ගන්නා ආකාරය පිළිබඳ මෙම ලිපි පෙළින් ඉදිරිපත් කෙරේ. විචල්‍ය පිළිබඳ සිද්ධාන්ත diGIT පසුගිය කලාපයේ සාකච්ඡා කර අවසාන කරන ලදී. Shell තුළ ගණිත කර්ම පාවිච්චි කරන ආකාරය මෙවර ලිපියෙන් සාකච්ඡා කෙරේ.

පරිගණක ක්‍රමලේණයේ විවිධ අවස්ථාවන්හිදී ගණිත කර්ම භාවිත කිරීමට සිදු වේ. ගණිත කර්ම, ක්‍රමලේඛය තුළ ලියා දැක්වීමේ ක්‍රමවත් රීතියක් ඕනෑම පරිගණක ක්‍රමලේඛණ භාෂාවක් තුළ අඩංගුව ඇත. Shell එකෙහි ගණිත කර්ම භාවිතයේ රීතිය සරල ව පහත දැක්වෙන පරිදි ලියා දැක්විය හැකි ය.

expr x operator y

expr – ගණිත කර්ම සිදු කරන විධානය
x, y – අගයයන්
operator – ගණිත කර්මය
* රීතියේ දක්වා ඇති පරිදි හිස් තැන් (whitespace) යෙදීම අනිවාර්ය වේ.

උදාහරණ (මේවායේ පිළිතුරු ටර්මිනලය තුළ දිස් වේ):
expr 3 + 7
expr 12 – 7

Shell සමඟ භාවිත කෙරෙන මූලික ගණිත කර්ම පහත වගුවේ දැක්වේ

ගණිත කර්මය විස්තරය
+ එකතු කිරීම
- අඩු කිරීම
* ගුණ කිරීම - * සලකුණ සඳහා shell එක තුළ වෙනත් අර්ථයක් ඇති බැවින්, ඒ අර්ථය මඟහැරීම සඳහා මෙය \* ලෙස (backslash ලකුණත් සමඟ භාවිත කෙරේ
/ බෙදීම
% බෙදීමෙන් ලැබෙන ඉතිරි (remainder)

ගණිත කර්ම භාවිත වන කුඩා script එකක් දැන් අත්හදා බලමු. පෙර සාකච්ඡා කරන ලද විචල්‍ය පිළිබඳ සිද්ධාන්ත පිළිබඳව මතකය ද අවදි කර මෙය හොඳින් අවබෝධ කර ගන්න.

echo -n "Enter the number 1: "
read x
echo -n "Enter the number 2: "
read y
z=`expr $x + $y`
echo "The result is" $z

මෙය ධාවනය කර බලන්න. ඔබෙන් සංඛ්‍යා දෙකක් විමසන එය ඔබ විසින් ලබා දෙන සංඛ්‍යා දෙකෙහි ඓක්‍යය දක්වයි. මෙහිදී භාවිත කළ හැකි වන්නේ පූර්ණ සංඛ්‍යා පමණක් බව සිහි තබා ගන්න.

දැන් මෙම කේතය පේළියෙන් පේළිය සාකච්ඡා කරමු.

echo -n "Enter the number 1: "
        Enter the number 1: වැකිය තිරයේ දක්වයි. පරිශීලකට එම පේළියේම අගය නිවේශනය කළ හැකි වන පරිදි, මීළඟ පේළියට යාම නවතාලන්නේ -n පරාමිතිය මගිනි.
read x
        x නම් විචල්‍යයක් නිර්මාණය කර, පරිශීලක විසින් යතුරුපුවරුව වෙත නිවේශනය කරන අගය එහි ගබඩා කරයි.
z=`expr $x + $y`
        $ සලකුණට පසුව විචල්‍යය සඳහන් කිරීමෙන් අදාළ විචල්‍යයේ අගය වෙත ප්‍රවේශ විය හැකි බව පෙර කලාපයකදීද සඳහන් කරන ලදී. එනම්, මෙම කේත පේළියෙන් සිදු කෙරෙනුයේ x හා y විචල්‍යයන් හි අගයයන් වෙන වෙනම ගෙන expr විධානය මගින් එකතු කිරීම බව ඔබට පැහැදිලි විය යුතු ය.
        ` (backticks/ grave accent) සලකුණු දෙකක් අතර සම්පූර්ණ expr විධානය යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ එම විධානය ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන ප්‍රතිදානය z වෙත ආදේශ කිරීම යි. මේ වෙනුවට සාමාන්‍ය උදෘත සලකුණු භාවිත කළහොත් z වෙත ආදේශ වන්නේ expr $x + $y යන්න මිස එම විධානයේ ප්‍රතිදානය නොවේ. (උධෘත සලකුණු යොදා මෙම script කේතය නැවත අත්හදා බලන්න)
echo “The result is” $z
        z නම් විචල්‍යයේ ගබඩා කළ අගය දර්ශනය කරවයි.

ලිනක්ස් පද්ධති තුළ භාවිත වන සම්මත ප්‍රදානය (standard input), සම්මත ප්‍රතිදානය (standard output) හා නිෂ්ක්‍රමණ තත්වය (exit status) යන සංකල්ප පිළිබඳවත්, echo හා read විධාන භාවිතාව පිළිබඳ වැඩිදුර තොරතුරුත් diGIT මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.



Previous Article

Your rating: None Average: 5 (2 votes)

Post new comment

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.