Chamira Prasad Jayasinghe is an undergraduate at Sri Lanka Institute of Information Technology (SLIIT).He has been working on computer programming since he was 12. Chamira has started his carrier with GW-Basic and was able to develop software applications and games with Visual Basic 6.0 and C through his self studies. He is also interested in Artificial Intelligence Programming and DirectX Programming techniques. Chamira has also participated in many programming competitions and was able to achieve many awards. He has also represented Sri Lanka for APICTA in year 2007. Chamira is a programmer who has slight interests in performing underground street magic.
 

DirectX

06/29/2009 12:51 pm By Chamira Jayasinghe | Articles: 7

දැන් අපි ඩිරෙක්ට්ස් නම් නදිය එතෙර වීම අරමුණ කොට ගෙන තොටුපල තෙක් පැමිණ හමාරය. එතෙර වීමට ඇති නදිය ඉතා චන්ඩ එකක් වුවද පාරුව හසුරුවීමට ඔබ සමතෙකු නම් එම චණ්ඩ රල පහර ඔබට සුනිල දිය පහරක් වැන්න. අප ඩිරෙක්ට්ස් කේතනයන් අත් හදා බැලුවද එහි මූලික හරයන් පිලිබදව ගැඹුරු විග්‍රහයක නොයෙදුනෙමු. ඉකුත් සතිවල මාගේ අභිප්‍රාය වූයේ ඔබ ලවා මෙම කේතනයන් සිදු කරවීමයි. මම කිසිම අවස්ථාවකදී කේතනය සදහා විග්‍රහක් ඉදිරිපත් නොකලෙමි. එසේ සිදු කලේ කේතනය පිලිබදව ඔබව ස්වයං විග්‍රහයකට කැදවා ගෙන යාමටය.


ඔබ උත්සහවන්තයෙකු නම් අනිවාර්යයෙන්ම මෙම කේතන වලින් සිදු වන දෙය සොයා ගෙන හමාරයි. එසේ ඔබ සොයා ගත්තා නම් දැන් ඔබ නදිය තරණය කිරීම සදහා සුදුස්සෙකි. තොටුපලේ රැදී තවමත් උඩ බලා සිටින අපේ අහිංසක මිතුරුන් සිටීනම් ඔවුනුත් නදිය තරණය කිරීම සදහා සුදුස්සන් බවට පත් කිරීමට මා මෙම මාසයේ සිට උත්සුක වෙමි. අපි සැවොටම උදවු කර ගනිමින් මෙම නදිය කෙසේ හෝ තරණය කරමු. ඔබත් මෙම ලිපි පෙල සදහා එක් වෙනවානම් මා ඉතාමත් අගය කරමි. මා දන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඔබත් ඔබ දන්න දේ ප්‍රතිචාර මගින් ප්‍රකාශ කරන්න.

එවිට අපට අපි සතු දැනුම හුවමාරු කර ගත හැකිය. කිසිවෙකු පරිපූර්ණ නැත. සාමාන්‍ය මිනිසා පරිපූර්ණ වනවා යන්න සිහිනයක් පමණි. ඒ කෙසේ වුවත් මාගේ ඉල්ලීම පිලිබදව ඔබ සැලකිල්ලක් දක්වනු ඇතැයි මම සිතමි. දැන් අපි කලින් කල කී දේ ගැන පොඩ්ඩක් හොයල බලල ඉමු.


මා ඉකුත් ලිපි වලදී ප්‍රකාශ කල පරිදි ඩිරෙක්ට්x යනු බහු මාධ‍ය‍ය කේතනය කිරීම සදහා මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිපදවන ලද ලයිබ්‍රරියකි. ඇත්ත වශයෙන්ම ඩිරෙක්ට්X පරිපූර්ණ කාණ්ඩ 2කින් සමන්විත වෙයි. DirectX SDK හා DirectX Media SDK එම කාණ්ඩ දෙක වෙයිගඅප කලින් ලිපි වලදී උත්සහ කරන්න යෙදුනේ DirectX වල DirectDraw යන්නයි. DirectX තවත් අණු කොටස් 5 කටද >DirectX Media SDK අණු කොටස් 4 කටද මූලික වශයෙන් බෙදා වෙන් කල හැක. ඉතින් දැන් ඔබට අප යන මග පෙර පැවතියාට වඩා හොද දැනීමක් ලැබෙන්නට ඇතැයි මම සිතමි. දැන් අපි අඩු තරමේ ඩිරෙක්ට්X වල ඇති කොටස් පිලිබදව හෝ දන්නවානේ.


එය ඉතාමත් සතුටු විය යුතු කරුණකි. අපි සිතනවාට වඩා බොහෝ දෑ මෙම කේතනය මගින් කර ගත හැකිය. අති සංකීර්ණ විදු මූලධර්ම උපයෝගී කර ගෙන ක්‍රීඩා නිපදවිය හැකිය. තවද අන්තර්ජාලගත ශ්‍රවයරැදෘෂය සම්ප්‍රේෂණ කිරීමේ තෝතැන්න මෙයයි. මා දැනට කර ඇති වැඩසටහන් ඩිජිට් හරහා මම ඉදිරි මාස වල ඔබට නොමිලයේ බේදා හැරීමට බලාපොරොත්තු වෙමි. එවිට ඔබට එවා බලා බොහෝ දේ ඉගෙන ගත හැකි වෙයි. ලබන සතියේදී DirectDraw කේතන කිරීම විග්‍රහ කිරීමක් බලාපොරොත්තු වන්න. දැනුම සොයා යන්න. නිවටයෙකු නොව උත්සහවන්තයෙකු වන්න.





Share/Save
Your rating: None Average: 5 (1 vote)

Post new comment