Chamira Prasad Jayasinghe is an undergraduate at Sri Lanka Institute of Information Technology (SLIIT).He has been working on computer programming since he was 12. Chamira has started his carrier with GW-Basic and was able to develop software applications and games with Visual Basic 6.0 and C through his self studies. He is also interested in Artificial Intelligence Programming and DirectX Programming techniques. Chamira has also participated in many programming competitions and was able to achieve many awards. He has also represented Sri Lanka for APICTA in year 2007. Chamira is a programmer who has slight interests in performing underground street magic.
 

අපේ සයිබර් අවකාශය- nimnaya.com

05/29/2009 3:35 am By Chamira Jayasinghe | Articles: 7

දුන්නෙන්, ඊතලයෙන්, දුම් රොටු වලින් හා විවිධ ධ්වනි මාලා මගින් විකාශනය වූ සන්නිවේදන කලාව නූතනයේ මුළු ලොවම තම අණසකට ගොදුරු කරගෙන හමාර ය. මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත් කරමින් සන්නිවේදනය විශ්ව ගෝලයේ මුල් බැසගෙන හමාර ය. පෙරදිග මුතු ඇටය නම් වූ අප පූජනීය මව් බිම ද එම විශ්ව ගම්මානයේ මුලාදෑනී තනතුරක් හොබවයි.

එනමුත්, එම සයිබර් අවකාශයේ පර බසින් බැට කන හෙළයෝ බොහෝ සිටිති. එම හෙළයන් හට පිදෙන මහා අස්වැසිල්ල නිම්නයගඣඵ වෙයි. නූතනයේ බොහෝ පිරිසක් ඇලී ගැලී සිටින්නේ මේ සයිබර් අවකාශයේ තිඛෙන සමාජ ජාල නම් වූ සංකල්පය සමඟිනුයි. උදාහරණ ලෙස ෆේස්බුක්, ප්ලැක්සෝ, ඔර්කුටි, ෆ්රේන්ඩ්ෆියෙස්ටර්, මයිස්පේස්, ලින්ක්ඩ්-ඉන්, හයි ෆයි වැනි සමාජ ජාල ප්‍රධාන තැනක් හොබවයි.  මේ කිසිඳු සමාජ ජාලයක් සිංහල භාෂාවෙන් පරිශීලනය කළ නොහැකිය. ෆේස්බුක් වැනි සමාජ ජාල සිංහල කරනවා කීවාට තවම එය සිදු වී නොමැත.

එයට පිළියමක් ලෙස නිම්නය සයිබර් අවකාශයේ එළිය දකින ලදී. නිම්නය ගිය වසරේ සීතල දෙසැම්බරයේ 13 වැනි දා පළමු සංස්කරණය ලෙස කල එළි බසින ලදී. එතැනින් ඇරඹි නිම්නයේ ගමන් මඟ අනේක විධ බාධක මැද නොසැලී, සයිබර් අවකාශයේ දිගු ගමනක් යාමට සැරසී සිටී.

නිම්නය ආරම්භ කිරීමට මා ප්‍රධාන වශයෙන් ම තීරණය කළේ ලංකාවේ ඇති සිංහළ සමාජ ජාලයේ අඩුව මකා දැමීම පිණිසයි. මා කුඩා කල සිට ම වෙර දරන්නේ සිංහළ පණ පෙවූ සයිබර් අවකාශයක් ලාංකිකයන් හට උරුම කර දීමට ය. 2007 වර්ෂයේ දී මා සිංහළ උප මෙහෙයුම් පද්ධතියක් නිපදවූවේ ද එම අභිලාෂය ස්ඵුට කරගනු වස්ය. 2010 වර්ෂය වන විට අංග සම්පූර්ණ සිංහළ කර්නලයක් ලාංකිකයන්ට හට තිළිණ කිරීමට ද මට අහිංසක බලාපොරොත්තුවක් ඇත.

නිම්නය සමාජ ජාලය ආරම්භ කිරීම සඳහා මා, මාගේ සඟයින් දෙදෙනෙකු ද සහභාගී කර ගත්තෙමි. ප්‍රධාන කේතනයන් කිරීම සඳහා මා මොහාන් වීරසිංහ මල්ලීව සහභාගී කර ගත්තෙමි. ඔහු වෙඩ් අඩවි නිර්මාණය හා අන්තර්ජාලගත තොරතුරු පිළිබඳ ඉතා පරිණත දැනුමකින් හෙබි තවමත් පාසල් යන වයසේ සිසුවෙකි. පන්නිපිටිය ධර්මපාල විදුහලේ උසස් පෙළ හදාරණ මොහු, කුඩා කල සිටම වෙබ් අඩවි කේතනය පිළිබඳව හදාරා ඇත. චින්තක කසුන් රත්නායක කියන්නේ අපේ නිම්නය පවුලේ අනෙක් සඟයායි. මොහු දැනට ප්‍රවීන ග්‍රැපික් නිමැවුම්කරුවෙක් ලෙස ී්ඍැඨ්ඵ් ඡරදාමජඑසදබි හි සේවය කරයි.

නිම්නය සඳහා විවිධ පුද්ගලයින්ගේ නොමඳ සහය ලැබුණි. නිම්නය නිපදවීම සඳහා සියළුම පිරිවැය දරණ ලද්දේ මාගේ සහෝදරයින් දෙදෙනා ය. ඩිලාන් ජයතිලක ඇතුළු මාගේ යහළුවන් සියළු දෙනා මෙම කර්තව්‍යය යථාර්ථයක් බවට පත් කිරීමට සහය දුණි. තවද, මාගේ නැණස පෑදු ගුරුවරුන් හට ද, දෙමාපියන් හට ද මාගෙ හද පිරි භක්තිය හිමි වෙයි.

ඔබම පැමිණ ඔබ කළින් නොවිඳි මෙම අත්දැකීම විඳගන්නා ලෙස මම ඇරයුම් කරමි. සිංහළ සයිබර් අවකාශයේ කොටස්කරුවන් වීමට ඔබටත් ආරාධනා....!!!

Team Nimnaya…

Share/Save
No votes yet

Post new comment