Rahul Samaranayake is a Maths teacher at Lyceum International School. He obtained his B.Sc (Physical Science) from the University of Colombo. He plays the guitar in his free time.
 

පද්ධති ජීවන සැළසුම් චක්‍රය

05/29/2009 10:40 am By Rahula Samaranayake | Articles: 11

දත්ත හා තොරතුරු ඵලදායී ලෙස හා කාර්යක‍ෂම ලෙස කළමණාකරණය කරගැනීමට පරිගණක තොරතුරු පද්ධතියක් (Information System) සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම කළයුතු වේ. තොරතුරු පද්ධතියක් වැඩිදියුණු කිරීමට අනුගමනය කළයුතු විධිමත් පටිපාටිගත අවධි (Phase)  සමූහය පද්ධති ජීවන සැළසුම් චක්‍රය නම් වේ.

පරිගණක තොරතුරු පද්ධතියක් පිළිබඳ අධ්‍යයනය කිරීමට මත්තෙන් අප පද්ධතියක් යනු කුමක්දැයි සළකා බලමු.

කිසියම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා සංරචක (Components) එකතුවක් එක්ව ක‍්‍රියාත්මක කිරීමෙන් පද්ධතියක් නිර්මාණය වේ.  ඕනෑම පද්ධතියක් පහත සඳහන් මූලික සංරචක වලින් සමන්විත වේ.



 

තවද, විශාල පද්ධතියක කොටසක් ලෙස ඇති මූලිකාංග (Sub System) ලෙස හැඳින්වේ. උදා:- මිනිසා පද්ධතියක් ලෙස ගත් විට ස්නායු පද්ධතිය හා ජීර්ණ පද්ධතිය වැනි දෑ උප පද්ධති ලෙස සැළකිය හැක.



වටපිටාව සමඟ ශක්තිය හුවමාරු කරගත හැකි පද්ධති "විවෘත පද්ධති" ලෙස ද එසේ කළ නොහැකි පද්ධති "සංවෘත පද්ධති" ලෙස ද හැඳින්වේ.


පද්ධතියක ලාක‍ෂණික (Boundary) ඇත.
•    පද්ධතිය වෙනස් සංරචක වලින් සෑදී ඇත.
•    පද්ධතියකට නිශ්චිත කාර්යයක් හෝ කිසියම් ක්‍රියාවක් (SLDC)  අවධි අනුපිළිවෙලින් සළකා බළමු.

1. ගැටළු හඳුනා ගැනීම(Identification of the problem)

2. ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)

3. පද්ධති විශ්ලේෂණය (Analysis)

4. පද්ධති සැළසුම්කරණය (Design & Development)

5. පද්ධති පරීක්‍ෂාව (Testing)

6. පද්ධති ක‍්‍රියාත්මක කිරීම (Implementation)

7. පද්ධති නඩත්තුව (Maintenance)

                          

ඉහත එක් එක් අවධි දැන් සවිස්තරව සළකා බලමු.


ගැටළුව හඳුනාගැනීම / පද්ධති අධ්‍යයනය  (System Study)

 මෙය පද්ධති ජීවන සැලසුම් චක‍්‍රයේ පළමු අවධියයි. භෞතික පද්ධතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් මෙමඟින් ලබාගැනීම අපේක්‍ෂා කෙරේ. මෙය මූලික අධ්‍යයනය (Preliminary Surrey) සහ විස්තරාත්මක අධ්‍යයනය (Detailed and in depth study) ලෙස කොටස්කර දැක්විය හැක. මූලික අධ්‍යයන පියවරේ දී පද්ධතියේ විෂයය (Scope) හඳුනාගැනීම සිදුකරනු ලබන අතර, විස්තරාත්මක අධ්‍යයනයේ දී භාවිතා කරන්නා ගේ අවශ්‍යතා (User requirements) සහ දැනට පවතින පද්ධතියේ සීමා සහ ගැටළු හඳුනා ගනු ලැබේ.

 

සාර්ථක පද්ධති අධ්‍යයනයකින් පසු, පද්ධති විශ්ලේෂක මඟින් (System Analyst)  පද්ධති  යෝජනාවලිය (System Proposal) පිළියෙල කර භාවිතා කරන්නා හමුවේ (User) තබනු ලබයි. දැනට ඇති පද්ධතියේ සොයාගත් දෑ සහ එහි ඇති ගැටළු සහ සීමා විසඳා ගැනීමට උපකාරී වන මඟ පෙන්වීම් යෝජිත පද්ධති වාර්තාවේ (Proposed System) අඩංගු වේ.

 

ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)

ආරම්භක පද්ධති අධ්‍යයනයෙන් පසු මෙම අවධිය ක‍්‍රියාත්මක වේ. මෙහි දී යෝජිත පද්ධතිය භාවිතාකරන්නන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව, එහි ක‍්‍රියාකාරීත්වය, සම්පත් වල ඵලදායී භාවිතය සහ ඵලදායී පිරිවැය (Cost Effectiveness) වැනි දෑ සම්බන්ධව පරීක්‍ෂා කරනු ලැබේ. මෙම අවධියේ ප‍්‍රධාන අරමුණ වන්නේ ගැටළුවට විසඳීමක් නොව එහි විෂයය (Scope) සඳහා ලඟාවීමයි. තවද, ලාභය හා පිරිවැය පිළිබඳ (Cost&benefit) නිවැරදි තක්සේරුවක් මෙහිදී සිදුකරයි.

 

පද්ධති විශ්ලේෂණය  (System Analysis)

 දැනට පවතින පද්ධති  පිළිබඳව විස්තරාත්මවක අධ්‍යයනයක් කිරීමෙන් නව පද්ධතිය සඳහා සුදුසු විස්තර (Specification) ලබාගැනීම මෙම අවධියෙන් බලාපොරොත්තු වේ. පද්ධතිය හා එයට පරිබාහිර පරිසරය සමඟ ඇති සම්බන්ධතා සහ පද්ධතිය මඟින් ඉටුකරන මෙහෙයුම් (Operations) පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් විශ්ලේෂණ අවධියේ දී සිදුකරනු ලබයි. පද්ධති විශ්ලේෂණයේ දී පවතින පද්ධතිය හා යෝජිත පද්ධතිය පිළිබඳ කරුණු දැනගැනීමට පහත දක්වා ඇති තොරතුරු එකතු කිරීම් ආකාර යොදාගත හැක.

 

තොරතුරු රැුස්කිරීමේ විධි (Information Gathering Techniques)

1. සම්මුඛ  (Interviews)

2. ප‍්‍රශ්නාවලිය (Questionnaires)

3. ලේඛන (Documents)

4. නිරීක්‍ෂණ (Observations)

5. (Discussions)

 

ලබාගත් තොරතුරු සංවිධානය කරගැනීම හා විශ්ලේෂණය කිරීමට පහත මෙවලම් භාවිතා කළ හැක.

1. සාරාංශගත කිරීම (Summarizing)

2. ප‍්‍රස්ථාර (Charting) 

3. රූපසටහන් (Graphing)

 

පද්ධති සැලසුම් කිරීම (System Design)

 සවිස්තරාත්මක පද්ධති අධ්‍යනයෙන් පසු  භාවිතාකරන්නන්ගේ අවශ්‍යතා වලට අනුකූල වන පරිදි පද්ධතිය සැලසුම් කිරීම සිදුකළ යුතුය. මෙය අවස්ථා 2 කින් සමන්විත වේ.

 

                                                                Preliminary Design                        Detailed Design

                                                                (General Design)                          (Structure Design)

 

මූලික සැලසුම්කරණයේ දී නව පද්ධතිය සඳහා අදාල ක‍්‍රියාවේ යෙදවීම ලක්‍ෂණ (Feature) විස්තර කෙරේ. මෙම ලක්‍ෂණ කි‍්‍රයාවේ යෙද වූ විට ලැබෙන ලාභ සහ පිරිවැය (Cost&benefit) පිළිබඳ තක්සේරුවක් (Estimate) සිදුකරන අතර ඒවා ප‍්‍රායෝගික නම් පමණක් විස්තරාත්මක සැලසුම්කරණය සඳහා යොමු වේ.

                                                           

සැලසුම්කරණය සඳහා යොදාගත හැකි මෙවලම් හා ශිල්ප ක‍්‍රම (Tools & Techniques For Designing)

1. ගැලීම් සටහන (Flow Chart)

2. දත්ත ගැලීම් සටහන (Data Flow Diagram)

3. දත්ත ශබ්දකෝෂය (Data Dictionary)

4. තීරණ වගු (Decision Table)

5. ව්‍යුහගත භාෂා (Structured English)

6. තීරණ රුක් සටහන් (Decision Tree)

 

 

කේතනය කිරීම් (Coding)

 

පද්ධති සැලසුම්කරණයෙන් පසු සම්පූර්ණ පද්ධතියම පරිගණකයට තේරුම් ගත හැකි භාෂාවන් (Computer understanding Language) බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි. මෙය සිදුකරනු ලබන්නේ ‘‘කේතනය’’ මඟිනි. ඇතැම් විට මෙම අවධිය ක‍්‍රමලේඛනගත කිරීම් (Programming Phase) අවධිය ලෙස ද හැඳින්වෙන්නේ එබැවිනි. අවසානයේ දී පද්ධතියේ සැකසීම (Processing) කටයුතු සහ දත්ත ගලායාම පාලනය කළ හැකි පරිගණක වැඩසටහන් (Program) ලබා ගනී.

 

පද්ධති සැළසුම් කිරීම පහත අවස්ථා 3 ඔස්සේ සිදුකරනු ලබයි.

 

1. අන්තර් මුහුණත් සැලසුම්කරණය (Inter Phase Design)

x ප‍්‍රදානය සැලසුම් කිරීම

x ප‍්‍රතිදානය සැලසුම් කිරීම

2. දත්ත සමුදාය සැලසුම්කරණය (Database Design)

3. මෘදුකාංග සැලසුම්කරණය (Software Design)

 

පද්ධති පරීක්‍ෂාව (System Testing)

 

වැඩිදියුණු කරන ලද පද්ධතිය මෙහෙයුම් (Operations) සඳහා ක‍්‍රියාවේ යෙදවීමට මත්තෙන් එහි ඇති දෝෂ (Bugs) ඉවත් කිරීම සඳහා පද්ධති ධාවනයක් (Test Run) අවශ්‍ය වේ. දී ඇති පරීක්‍ෂා දත්ත (Test Data) සඳහා පරීක්‍ෂා සැලසුමක් (Test Plan) වැඩිදියුණු කර එය ධාවනය කළ යුතුය. මෙමඟින් ලැබෙන ප‍්‍රතිඵල ආරක්‍ෂිත ප‍්‍රතිඵල (Expected Results) සමඟ ගැලපේ දැයි බලනු ලැබේ.

 

පද්ධති පරීක්‍ෂා ආකාර (Types of Testing)

1. ඒකක පරීක්‍ෂාව (Unit Testing)

2. පද්ධති පරීක්‍ෂාව (System Testing)

3. එකඟතා පරීක්‍ෂාව (User Acceptance Testing)

 

එක් එක් වැඩසටහන් කේතනය කළ පසු ඒවා තනි තනියෙන් පරීක්‍ෂා කිරීම ඒකක පරීක්‍ෂාවක් ලෙස ද හැඳින්වේ. ඒකක සියල්ල ගොනු කර පද්ධතිය සැකසූ පසු පද්ධතිය පරීක්‍ෂා කරනු ලැබේ. මෙය පද්ධති පරීක්‍ෂාවයි. අවසානයේ දී පද්ධතියේ දෝෂ ඉවත් කිරීමෙන් පසු භාවිතාකරන්නාට ඉදිරිපත් කර ඔහු/ඇයගේ අවශ්‍යතා සපුරාලීමට සමත් ද නැත් ද යන බව පරීක්‍ෂා කිරීම එකඟතා පරීක්‍ෂාව ලෙස හැඳින්වේ. 


Share/Save
No votes yet

Post new comment