Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
"මෘදුකාංග දිරුම"
ඔබ ඉහත මාතෘකාව මින් පෙර අසා ඇතත් නැතත් අවම වශයෙන් අවුරුද්දකවත් කාලයක් පරිගනකයක් භාවිතා කල කෙනෙක් නම් එයින් කියවෙන සංසිද්ධිය ගැන යම් වැටහීමක් ඇති කියා අපට හිතන්නට පුලුවන. "මගෙ මැෂින් එක හොදටම ස්ලෝ වෙලා, දැන් නම් මට අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ." වැනි කියුම් පරිගනක භාවිතා කරන අය අතර නිතර කියවෙනවා අපි කවුරුත් අසා ඇත්තෙමු. බොහෝ අවස්ථා වලදී මෙයට හේතුව වෙන්නේ අපේ මාතෘකාවෙන් කියවෙන සංසිද්ධිය විය හැකිය. මෙම "මෘදුකාංග දිරුම" නැත්නම් "මෘදුකාංග ක්ශයවීම" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා අපි මුලින්ම සලකා බලමු.
මුලින් ස්ථාපනය කල දිනවල හොදින් ක්‍රියා කල යම් මෘදුකාංගයක් හෝ සමස්ථ පරිගනක පද්ධතියම කාලයක් ගතවීමේදී වෙනත් කිසිදු සාධාරන බාහිර හේතුවක් නොමැතිව මන්දගාමී වීම සහ/හෝ හරිහැටි ක්‍රියා නොකිරීම මෘදුකාංග දිරුමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ අය හදුන්වයි. වැඩිපුරම මෙම දිරුමට භාජනය වන්නේ නිතර භාවිතයට නොගැනෙන මෘදුකාංග බව වැඩි දෙනාගේ පිලිගැනීමයි. එමෙන්ම කල් ඉකුත් වීගෙන යන මෘදුකාංගද මෙම ගැටලුවට මුහුන දෙයි. මෙසේ නොයෙකුත් ආකර වලින් පරිගනක වල ක්‍රියාකාරිත්වයට බලපාන මෘදුකාංග දිරුම නමින් පොදුවේ හදුන්වන සංසිද්ධියට හේතුව කුමක්ද යන්න ගැන විමසා බැලීමේදී එය යම් තනි හේතුවක ප්‍රතිඵලයක් නොව දෘඩාංග හා මෘදුකාංග යන දෙපාර්ශ්වයෙන්ම මතුවන විවිධ හේතු ගනනාවක් මත රදා පවතින්නක් බව පෙනී යයි. අපි දැන් මේ හේතු එකින් එක සවිස්තරාත්මකව විමසා බලමු.
කාලයක් ගතවීගෙන යාමේදී මෘදුකාංග වල හා මෙහෙයුම් පද්ධති වල යම් ආකරයක ක්ශය වීමක් ඇතිවීමට වැඩිපුරම බලපාන එක් හේතුවක් වනුයේ එම මෘදුකාංග ලියැවී ඇති දෘඩ තැටි, EPROM සහ ෆ්ලෑශ් ඩ්‍රයිව් (flash drive) වැනි මතක ගබඩා උපාංග වල සිදුවන ක්‍රමික දිරා යාම හෙවත් ක්ශය වීමයි. මෙය බිට් දිරුම ලෙස හැදින්වේ. එපමනක් නොව CD සහ DVD ආදියේ සටහන්ව ඇති දත්ත කාලයකදී කියවිය නොහැකි තත්වයට පත්වීම හැදින්වීමටද මෙම යෙදුම භාවිත වේ. සැබවින්ම දිරන්නේ හෝ ක්ශයවන්නේ පරිගනක වැඩ සටහන් වල මූලික තැනුම් ඒකකය වන බිට් නොව ඒවා සටහන්ව ඇති මාධ්‍යයයි. මෙම බිට් දිරුම මතකයේ තැන්පත්ව ඇති බිට් එකක ක්ශුද්‍ර විද්‍යුත් ආරෝපනය, සමහරවිට වැඩසටහන් කේත වලටද හානි වන ආකාරයෙන්, වියෝජනය වී යාමක් ලෙස නිර්වචනය කල හැකිය. EPROM සහ ෆ්ලෑශ් ඩ්‍රයිව් (flash drive)ආදියේදී මෙම විද්යුත් ආරෝපන කාන්දු වී යාම අසම්පූර්න පරිවරනය නිසා සිදු විය හැකිය. මෙහිදී මතක් චිපයට හානි වීමක් සිදු නොවන අතර වසර 10 කට පමන වරක් නැවත ප්‍රෝග්‍රෑම් කිරීමෙන් යථා තත්වයට පත් කර ගත හැකිය. ෆ්ලොපි ඩිස්ක සහ චුම්භක පටි වැනි මතක ගබඩා උපක්‍රම වල දත්ත තැන්පත් වන්නේ චුම්භක ක්‍රමයකට හෙයින් කාලයත් සමග මෙම චුම්භක බිටු වල දිශානතිය වෙනස් වීමෙන් දත්ත වෙනස් වීමට හෝ හානි වීමට ලක් විය හැකි අතර උනුසුම් තෙතමනය සහිත පරිසර වලදී මෙම පටි හෝ තැටි සාදා ඇති මාධ්‍ය සැබෑ දිරායාමකට ලක් වන්නට පුලුවන. එම තත්වය පාලනය කර ගැනීමට නම් මෙම තැටි හෝ පටි අදුරු, වියලි සහ සිසිල් ස්ථානයක ගබඩා කර තැබිය යුතුය. අර්ධ සන්නායක රැම් මතකයන්ට සමහර විටෙකදී අන්තරීක්ශ කිරන වල බලපෑමෙන් සිදුවන හානියද බිටු දිරුම යටතට ගැනේ.
අප මෙතෙක් වේලා කථා කලේ දෘඩාංග වලට සිදු
වන හානි නිසා ඇතිවන දිරුම් ගැනය. එහෙත් මෘදුකාංග
වලම ඇතිවන යම් යම් දෝශ නිසා මතුවන දිරුම් තත්වයන්ද බෙහෙවින් තිබෙන බව අප අමතක නොකල
යුතුය.
මෘදුකාංග දිරුමට හේතුවන ප්‍රධානම සාධක ලෙස එම මෘදුකාංගය ක්‍රියාත්මක වන පාරිසරිකයේ සිදුවන වෙනස්වීම්, මෘදුකාංගය තුලම මතුවන එකිනෙක කොටස් අතර අසමතුලිතතාවයන් හෝ නොගැලපීම්, භාවිත නොවන හෝ කලාතුරකින් පමනක් භාවිත වන කේත යනාදිය දැක්විය හැකිය.
මෙහෙයුම් පද්ධතියට දරා ගත නොහැකි තරමට විශාල මෘදුකාංග ප්‍රමානයක් ස්ථාපනය කිරීම මෙයට තවත් හේතුවක් ලෙස දැක්විය හැකියි. විශේෂයෙන්ම කිසිදු මුදලක් නොගෙවා නොමිලයේ අන්තර්ජාලයෙන් බාගත හැකි මෘදුකාංග බහුලව ඇති නිසා තමාගෙ අවශ්‍යතා හෝ ප්‍රමුඛතා නොසලකා ඔහේ ඉවක් බවක් නැතිව මෘදුකාංග ස්ථාපනය කර ගන්නා අය අප අතර බොහෝ සිටිති. එපමනක් නොව ඒවායින් වැඩි හරියක්ම කිසිදු ප්‍රායෝගික වටිනාකමක් නැති හුදෙක් අලංකාරය හෝ විනෝදාශ්වාදය සඳහා පමනක් වන ඒවායි.
බොහෝවිට
එවැනි
මෘදුකාංග
වල නිර්මාපකයින් ආධුනිකයින් විය හැකියි.
එපමනක් නොව පරිගනක පද්ධතිය තුල 'යකා නටන' මෘදුකාංග
මේ අතර බහුලව තිබේ.
අනෙකුත්
ඒවා අභිබවා තමා ඉස්මතු වීමට තරඟකාරීව උත්සාහ කිරීමේ ගතිය වර්තමානයේ බිහිවන බොහෝ
මෘදුකාංගවල
තිබේ. පරිශීලකයාගේ අනුදෙනුම ඇතුව හෝ නැතුව මෙහෙයුම් පද්ධතිය සමගම පසුබිමින් ක්රියාත්මක වීමට මෙවැනි
මෘදුකාංග
යත්න
දරති. එසේම මේවා ඉවත් (uninstall) කලත්
සම්පූර්නයෙන් uninstall නොවී රෙජිස්ට්‍රිය තුල හෝ
ගොනු පද්ධතිය තුල
යම් කොටස් ඉතිරි
කර තබා යති. ඒවායින් සමස්ථ
පරිගනක පද්ධතිය තුලම
ගැටලු මතුවේ.
එකම කාර්යය
කිරීම සඳහා එකිනෙකට
වෙනස් විවිධ මෘදුකාංග
කිහිපයක්ම එකම පරිගනකය
තුල ස්ථාපනය කර
තිබෙනවා බොහෝ විට
දකින්නට පුලුවන. media
players වර්ග, email මෘදුකාංග, internet
browsers වර්ග ආදියෙන් දෙක
තුන බැගින් බොහෝ
පරිගනක තුල නිතරම
තිබේ. මෙවන්
එකම වර්ගයේ වැඩ
සටහන් අතර ඇතිවන 'සීතල
යුද්ධ' නිසා පරිගනකය මන්දගාමී
වීමට බොහෝ විට
ඉඩ තිබේ.
එමෙන්ම කල්
ඉකුත්වූ හෙවත් යල්
පැනගිය මෘදුකාංග නිසාත්
මෙම ගැටලුවට මුහුනදීමට
සිදුවන්නට ඉඩ
තිබේ . වසර 2000 උදාවෙද්දී ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකල Millenium Bug ගැටලුව එවන් කල් ඉකුත් වූ මෘදුකාංග නිසා හටගත් එකකි. මෙහිදී සැබවින්ම
මෘදුකාංගවල කිසිදු වෙනස්වීමක් සිදු නොවන අතර ඒවා පවතින පරිසරයේ සිදුවන වෙනස්කම් වලට අනුකූල වන ලෙස යාවත්කාලීන නොවීමෙන් හරිහැටි ක්‍රියා නොකිරීමට හේතුවේ.
කල් ඉකුත් වූ මෘදුකාංග පමනක්
නොව කල් ඉකුත්වූ
හෝ නොගැලපෙන driver files නිසාද
මෙම ගැටලුව මතුවීමට
ඉඩ ඇත. එමෙන්ම
අලුත් ඩ්‍රයිවර් වර්ග
ස්ථාපනය කලත් ඊට
පෙර පරන ඒවා
ඉවත් නොකලේනම් පරිගනකය
ලෙඩ කරවීමට එය
සමත් වනු ඇත.
පරිගනක මන්දගාමී
වීමට වයිරස සහ
වෙනත් මැල්වෙයා (malware)වර්ගද බොහෝ
දුරට හේතු කාරක
වෙන බව කවුරුත්
දන්නා කරුනකි. පරිගනකයේ වේගයට
පමනක් නොව සමස්ථ
ක්‍රියා කාරිත්වයටම මෙවන්
‘දුශ්ඨ’ මෘදුකාංග
විසින් අහිතකර බලපෑම්
එල්ල කරති . එහෙත් එකකට වඩා ප්‍රති
වයිරස මෘදුකාංග හෝ firewall ස්ථාපනය
කර ගැනීම වයිරස
නිසා තරමටම පරිගනකය
මන්දගමී කරවීමට හේතු
විය හැකියි.
මෘදුකාංග දිරුම නොහොත් බිටු
දිරුම යනුවෙන්
හැඳින්වෙන්නේ කුමන සංසිද්ධියක්ද
යන්න පිලිබඳව
පැහැදිලි අදහසක් දැන්
ඔබට ලැබී ඇතැයි
අපි සිතමු. මෙම හානිකර
තත්වය වලක්වා ගන්නේ
කෙසේද යන්න ගැන
අපි දැන් විමසා
බලමු. ඉහත හේතු සලකා
බැලීමේදීම එය වලක්වා
ගැනීම පිලිබඳවත් අවබෝධයක්
ඔබට ලැබෙන්නට ඇති. පරිගනකය
තුල අනවශ්‍ය මෘදුකාංග
පිහිටුවා ගැනීමෙන් වැලකී
සිටීම මේ සඳහා
කල හැකි මූලිකම
සහ පහසුම දෙයක්. දැනට
ස්ථාපනය කර ඇති
මෘදුකාංග වලින් අනවශ්‍ය
ඒවා ඉවත් කර
දැමීමත් මන්දගාමී වී
ඇති ඔබේ පරිගනකයට
නව ජවයක් ලබා
දීමට උපකාරී
වනු ඇති.
ඔබේ පරිගනකයේ
පිහිටුවා ඇති මෘදුකාංග
සහ ඩ්‍රයිවර් නිසි
පරිදි යාවත්කාලීන කිරීම
මෙම ගැටලුව වලක්වා
ගැනීමට මගක්. පරිගනක
වයිරස නිසා සිදුවන
ගැටලු වලින් ආරක්ෂා
වීම පිනිස හොඳ
ප්‍රති වයිරස මෘදුකාංගයක්
පිහිටුවා ගත යුතුයි. මේ සඳහා
ඉතා හොඳින් ක්‍රියා
කරන නොමිලේ ලබා
ගත හැකි සහ
නොමිලේම යාවත්කාලීන කර
ගත හැකි ප්‍රති
වයිරස මෘදුකාංග කිහිපයක්ම
අන්තර්ජාල්යේ තිබේ. Avast Antivirus, Avira Antivirus, Spyware Terminator
මේවාට උදාහරන ලෙස
දැක්විය හැකියි.
අප කොපමන
ප්‍රවේශමෙන් කටයුතු කලත්
කාලයත් සමග පරිගනක
මන්දගාමී වීම වලක්වා
ගැනීම අපහසු කරුනක්. මෙයට පිලියමක්
ලෙස පරිගනකයෙහි මුලින්ම
මෙහෙයුම් පද්ධතිය සහ
අවශ්‍ය වැඩ සටහන් ස්ථාපනය කල
පසු, එය ඉතා හොඳින්
ක්‍රියාත්මක වෙමින් පවතින
විට මෙහෙයුම් පද්ධතිය
සහිත ඩ්‍රයිව් එකෙහි image එකක්
සාදා තබාගෙන පරිගනකය
මන්දගාමී වීගෙන යනවිට
එම image එක ස්ථාපනය
කිරීම දැක්විය හැකියි.

Post new comment