
Shell Scripting සිංහලෙන්
10/29/2009 6:32 am By Sameera Shaakunthala | Articles: 10
ලිනක්ස් පාරිසරිකය තුළ දී shell script සකස් කර ගන්නා ආකාරය පිළිබඳ මෙම ලිපි පෙළින් ඉදිරිපත් කෙරේ. විචල්‍ය භාවිතාව පිළිබඳ diGIT පසු ගිය කලාපයේ සාකච්ඡා කරනන ලදී. Shell එකේ භාවිත කෙරෙන විචල්‍යල පද්ධති විචල්‍ය (system variables) හා පරිශීලක නියම කළ විචල්‍ය (user defined variables) ලෙස විචල්‍ය වර්ග දෙකකට බෙදෙන බව පසු ගිය ලිපියේ අවසානයේ සඳහන් කරන ලදී.
පද්ධති විචල්‍ය (System Variables)
පද්ධති විචල්‍යයක් යනු මෙහෙයුම් පද්ධතිය මගින් පවත්වා ගන්නා පෙරනිමි (default) විචල්‍යයන් ය. . Shell මත භාවිත වන පද්ධති විචල්‍ය රාශියක් පවතී. සම්මතයක් වශයෙන් මේවා දැක්වෙන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙනි
උදාහරණ:
OSTYPE=”linux-gnu”
SHELL=”/bin/bash”
PWD=”/home/shaakunthala/Desktop”
PATH=”/usr/local/sbin:/usr/local/bin:/usr/sbin:/usr/bin:/sbin:/bin:/usr/games”
DESKTOP_SESSION=”gnome”
මේ විචල්‍ය සහ ඒවායේ අගයයන් බලා ගැනීමට පහත දැක්වෙන විධානය ලබා දීමෙන් හැකි වේ.
set
මෙහිදී දක්වන තොරතුරු සියල්ල එක වර බලා ගැනීම අපහසු බැවින් පහත දැක්වෙන ආකාරයට ලබා දෙන්න.
set|more -d
යම් කිසි විචල්‍යයක අගය බලා ගැනීමට අවශ්‍ය නම් echo විධානය භාවිත කළ හැකි ය.
උදාහරණ
echo $USERNAME
( span style="font-size: 12px; font-family: "DejaVu Sans","sans-serif"; color: black;">USERNAME නම් පද්ධති විචල්‍යයේ අගය පෙන්වයි) Shell script ධාවනය වීමේ දී එය ධාවනය වන ලිනක්ස් පාරිසරිකය පිළිබඳ තොරතුරු පද්ධති විචල්‍ය මගින් script එක තුළට ලබා ගත හැකි වේග උදාහරණයක් ලෙසල අපේ script එක මගින් සාදනු ලබන යම් ගොනුවක් පරිශීලකගේ home ඩිරෙක්ටරිය තුළට ස්වයංක්‍රීයව පිටපත් කිරීමට අවශ්‍යව ඇතැයි සිතමු. මේ සඳහා අදාළ පද්ධති විචල්‍යය භාවිතය මගින් පහසුවෙන් ම home ඩිරෙක්ටරිය සොයා ගත හැකි ය.
ඔබට අවශ්‍ය නම් පද්ධති විචල්‍යයන් හි අගයයන් කැමති පරිදි සකස් කළ හැකි ය. එහෙත් ඇති වන ප්‍රතිපල පිළිබඳ හරියාකාරව නොදැන පද්ධති විචල්‍යයන්හි අගය වෙනස් කිරීම පද්ධතියේ ස්ථායීතාවට බලපෑම් ඇති කළ හැකි ය. එබැවින් පද්ධති විචල්‍යයන් හි අගය සකස් කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු ය.
පරිශීලක නියම කළ විචල්‍ය(User Defined Variables)
පසුගිය ලිපිය මගින් විචල්‍ය හඳුන්වා දීමේ දී සාකච්ඡා කළේ පරිශීලක නියම කළ විචල්‍ය User Defined Variables හෙවත් UDV පිළිබඳව යි. Shell පාරිසරිකය තුළ දී පරිශීලක/script එක ලියනු ලබන පුද්ගලයා විසින් නිර්මාණය කර තමන් විසින් ම අගය සකස් කරනු ලබන විචල්‍ය මෙම ගණයට අයත් වේ.
විචල්‍ය පිළිබඳ සිද්ධාන්ත මෙයින් නිමා වන අතරල Shell එක තුළදී ගණිත කර්ම භාවිත කරන ආකාරය පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.



Post new comment