Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
Shell Scripting සිංහලෙන්

by Sameera Shaakunthala

ලිනක්ස් පාරිසරිකය තුළ දී shell script භාවිත කරන ආකාරය පිළිබඳ මෙම ලිපි පෙළින් ඉදිරිපත් කෙරේ. පසු ගිය කලාපයේ සාකච්ඡා කරන ලද්දේ සම්මත ආදානය හා සම්මත ප්‍රතිදානය පිළිබඳ සංකල්පයි. මෙවර ලිපියෙන් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබ විසින් ලියනු ලබන script සඳහා සම්මත ආදානය ලබා ගැනීමට භාවිත වන read විධානයත්, සම්මත ප්‍රතිදානය ලබා දීමට භාවිත වන echo විධානයත් පිළිබඳවයි.

echo විධානය

මීට පෙර ලිපි වලදී ද මෙම විධානය යම් යම් ස්ථාන වලදී භාවිත කර ඇති ආකාරය ඔබට මතක ඇති. මෙම විධානය පිළිබඳ සවිස්තර කෙටි සටහනක් මෙම කොටසෙන් අපි සාකච්ඡා කරමු.

echo විධානයෙන් සිදු කෙරෙනුයේ සම්ම්ත ප්‍රතිදානය වෙත පාඨ කොටසක් යැවීමයි. මෙය echo හි පරාමිතියක් (parameter) වශයෙන් ලබා දිය යුතුයි. මේ පරාමිතිය උධෘත සලකුණූ දෙකක් අතර ලිවීම යෝග්‍ය වන අතර, එසේ නොකළහොත් අපේක්ෂිත ප්‍රතිපලය සෑමවිටම නොලැබීමට ඉඩ ඇත. විශේෂයෙන් ම, මඟහැරීමේ කේත (escape sequences) භාවිත කිරීමේ දී මේ උධෘත සලකුණු භාවිතය අත්‍යාවශ්‍ය වේ.

උදා:
echo "Hello"
echo "Hello World"

මඟහැරීමේ කේත (escape sequences)

Shell පාරිසරිකයේ දී, සාමාන්‍යයෙන් යතුරුපුවරුවෙන් ඇතුළු කිරීම කළ නොහැකි හෝ අපහසු වන විශේෂ සලකුණු (characters) ඇතුළත් කිරීම සඳහා මේ මඟහැරීමේ කේත භාවිත වේ. මඟහැරීමේ කේත භාවිත කිරීම සඳහා echo විධානය සමඟ -e විකල්පය භාවිත කළ යුතු ය.

උදා:
echo -e "Hello World\041"
Hello World! – හර්ෂ්‍යාදී සලකුණ බලන්න. \0 ට පසුව අටේ පාදයේ අංකනයෙන් අවශ්‍ය සලකුණෙහි/ විරාම ලක්ෂණයෙහි (!) ASCII කේතය (www.asciitable.com) ලිවීමෙන් මෙය ලබා ගත හැකියි. සාමාන්‍ය පිළිවෙළට, එනම් -e නො යොදා මෙය කළ නොහැකියි.

echo -e "Hello World\n"
වැකිය දර්ශනය කරවීමෙන් පසුව ඊට යටින් තවත් හිස් පේළියක් දර්ශනය කරවයි.

echo -e "No.\tName\n1\tSameera\n2\tShaakunthala"
වගුවක් ආකාරයෙන් තොරතුරු දර්ශනය කරවයි. (\t මගින් දැක්වෙන්නේ Tab සලකුණයි)

echo විධානය පිළිබඳව දැන ගත යුතු සියළුම දෑ man echo විධානය පාවිච්චි කර දැන ගත හැකි යි.

 

read විධානය

read විධානය මගින් ආදානය ලබා ගත හැකි බව මීට පෙර ලිපියේ සාකච්ඡා කෙරිණි. මෙම කොටසින්, read විධානය භාවිතය පිළිබඳව සවිස්තරව සාකච්ඡා කරමු.

read විධානය පරාමිතීන් රහිතව භාවිත කළ විට, shell එක ඔබේ යතුරුපුවරුවෙන් ආදානය ලබා ගනී. නමුත් ඔබ විසින් විචල්‍යයක් හෝ එම ආදානය භාවිත කළ හැකි ආකාරයක් දක්වා නොමැති බැවින් එම ආදානය භාවිත කළ නොහැකි වේ.

යම් කිසි නිශ්චිත පාඨ කොටසක් යතුරු පුවරුවෙන් ලබා දෙන තෙක් ආදානය කියැවීමට පහත දක්වා ඇති පරිදි read භාවිත කළ හැකි ය.

උදා:
read << EOF
මෙහිදී, ඔබ විසින් යතුරු පුවරුවෙන් EOF යන්න ඇතුළත් කරන තුරු read විධානය ක්‍රියාත්මක වේ. EOF වෙනුවට ඔබ කැමති වෙනත් පාඨයක් ද යොදා ගත හැකි යි. නමුත් සම්මතය ලෙස, End Of File යන්න දැක්වීමට EOF ලෙස භාවිත වේ.

read විධානය වැඩි වශයෙන් භාවිත කරන්නේ විචල්‍යයක් සමඟ ය. read x ආකාරයෙන් x නමැති විචල්‍යය read විධානයට පසු භාවිත කිරීමෙන්, අදාළ ආදානය x නම් විචල්‍යයෙහි ගබඩා කර ගත හැකි වේ.

උදා:
read x
echo $x

 

ආදාන/ ප්‍රතිදාන හැරවීම (I/O redirection) පිළිබඳව මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Previous Article

Share/Save
Your rating: None Average: 3 (1 vote)

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options