කැමරාවක ඡායාරූපය සටහන් වෙන හැටි
ඩිජිටල් කැමරා දැන් ගොඩක් සුලභ නිසා හැමෝ අතේම කැමරාවක් දකින්න තියෙනවා, අඩුගානේ ජංගම දුරකථනයේ හරි. මේකෙන් ඡායාරූප ගැනීම කොයිතරම් පහසු කරලා තියෙනවාද කියලා කිව්වොත් ඩිජිටල් කැමරාවකින් ඡායාරූපයක් ගන්න නම් ඡායාරූපකරණය ගැන වත්, එහි තාක්ෂණික පසුබිම පිලිබඳව වත් කිසිවක් දැනගත යුතු නැහැ.
නමුත් මතක තියාගත යුතු දෙයක් තමයි හොඳ ඡායාරූපයක් ගන්න නම් ඡුායාරූපයේ තාක්ෂණය දැන සිටීම අනිවාර්ය දෙයක්. අද ටිකෙන් ටික භාවිතයෙන් අඩු වෙමින් පැවතුනත්, ඇනලොග් කැමරා, ඒ කියන්නේ දළ සේයා පටයක් භාවිත කරන කැමරාවක් භාවිතයෙන් මේ තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් ගන්න පුලූවන්. මේ ලිපියෙන් කියවෙන්නේ අද වැඩි දෙනෙක් නොදන්න, ඇනලොග් කැමරාවකින් ඡායාරූපය සටහන් වෙන්නේ කොහොමද කියන තාක්ෂණික කරුණු ටිකයි.
මුලින්ම කිව්වොත් මේ වර්ගයේ කැමරාවකින් කොහොමද කියලා ඡායාරූපයක් ගන්නේ, මෙහිදී සිදුවෙන්නේ ආලෝකය දලසේයා පටය මතට වැටීමෙන් එහි ඇති ආලෝකය සමග ප‍්‍රතික‍්‍රියා කරන සිල්වර් බ්‍රෝමයිඞ් සංයෝගය මගින් වැටෙන ආලෝකයේ ප‍්‍රතිබිම්බයක්. ඒත් ඉතින් හොඳ ඡායාරූපයක් ගන්න ඔය ටික විතරක් වෙලා මදි. වැටෙන ආලෝක ප‍්‍රතිබ්ම්බය පැහැදිලි කරගන්න වගේම ගුණාත්මක බවින් වැඩි කර ගන්න කාච යොදන්න ඕනේ.

සංකීර්ණ කාච පද්ධතියක්
ඊලඟට වැඩි ආලෝක ප‍්‍රමාණයක් දල සේයා පටය මතට වැටුනාම එය අධි-නිරාවරණය (over exposed) වෙනවා. එය වලක්වන්න ක‍්‍රමවේද එකක් නෙමෙයි දෙකක්ම පාවිච්චි කරනවා. පලමුවැන්න කාච විවරය (aperture). මෙය මේ කලින් කියපු කාච පද්ධතිය තුල ඇති ප‍්‍රමාණය වෙනස් කල හැකි විවරයක්. එය අඩුවැඩි කිරීම මගින් කාච හරහා පැමිණෙන ආලෝක ප‍්‍රමාණය පාලනය කල හැකියි.

කුඩා කල හා විශාල කල කාච විවරයක්
ඊලඟට ඕනෑතරමි ආලෝකය දලසේයාපටයට වැටෙන්න දෙන්නත් බෑ. ඒ සඳහා පාවිච්චි කරනවා කාච ද්වාරය (shutter). මෙය දලසේයාපටයත්, කාචයත් අතර ඇති දොරක්. ඡුායාරූපය ගන්නා විට මෙය නිශ්චික කාලයක් පමණක් ඇර නැවත වැසීමෙන් කුඩා ආලෝක ප‍්‍රමාණයක් පමණක් සේයා පටයට වැටෙන්න සලස්වන්න පුලූවන්. අපි සාමාන්‍යයෙන් ගන්න ඡායාරූපයකදි මෙම කාලය තත්පර 1/125, 1/250 වගේ කුඩා කාලයක් තමා ගන්නේ.

කාච ද්වාරය
තත්පර 1ට වඩා දීර්ඝ වෙලාවක් මෙය ඇර තබන්න සිදුවන වෙලාවල් තියෙනවා. ඒ තමා රාත‍්‍රි අහස ඡායාරූපගත කිරීමේදී. හේතුව හිතාගන්න පුලූවන් නේ?
මෙන්න මේ මූලික ක‍්‍රියා පිලිවෙල අනුව වැඩ කරන කැමරා වර්ග ප‍්‍රධාන වශයෙන් තුනක් තියෙනවා.
1. ඒක කාච පරාවර්තන (single lens reflex - SLR)
2. ද්වි කාච පරාවර්තන (twin lens reflex - TLR)
3. නාභිගත (fixed focused)
මුලින්ම කියන්නම් මේ fixed focused වර්ගය ගැන. ඒවා තමා ඔය බහුතරයක් භාවිතා වන, වෙලඳපොලේ අඩු මිලට ලබාගන්න පුලූවන් කැමරා. ඒවායින් ඡායාරූප ගන්න ඡායාරූප ශිල්පය ගැන දැනුමක් අවශ්‍ය නෑ. මේවා සාමාන්‍යයෙන් කැමරාවේ සිට අඩි 5ක සිට අනන්තය දක්වා සියලූම වස්තූන්ට නාභිගත වී ඇති ආකාරයටයි නිපදවා ඇත්තේ.
ඊලඟට මේ SLR වර්ගය ගැන. මේවා නම් දැකලා ඇති, විවාහ මංගල උත්සව හෝ වෙනත් උත්සව ආවරණය කරන්න එන ඡායාරූප ශිල්පීන් අතේ එහෙම දැකලා ඇති මේවා.

SLR කැමරාවක්
මම මේSLR කැමරාවක් භාවිතයෙන් ඡායාරූපය සේයාපටයේ ඇෙක්‍ෂන හැටි විස්තර කරන්නම්.

අපි ඡායාරූපය ගන්න කලින් කැමරාවේ පිහිටීම තමා මේ තියෙන්නේ. ආලෝකය කාචය හරහා ඇවිත් දර්පණයෙන් පරාවර්තනය වෙලා ප‍්‍රිස්මය මගින් නැවත පරාවර්තනය වෙලා View Finder එකට අපි ඇස තියලා බැලූවාම දකින්න පුලූවන්. ඒ කියන්නේ ඡුායාරූපයේ සටහන් වෙන සැබෑ දර්ශනයම අපිට මුලින් බලාගන්න පුලූවන්. ඡුායාරූපය ගන්න බොත්තම එබුවාම සිදුවෙන්නේ එක්වරම දර්පණය ඉහලට එසවීමත්, ඒ සමගම කාච ද්වාරය :ියමඑඑැර* ඇරී නැවත වැසීමත්. එමගින් ප‍්‍රතිබිම්බය සේයාපටයේ සටහන් වෙනවා.
ඊලඟ ජාතිය, TLR නං ගොඩක් දෙනෙක් දැකලත් නැතුව ඇති. මමත් එකම එක වතාවයි අල්ලලා තියෙන්නේ. දැන් පාවිච්චි වෙන්නෙම නැති තරම්. බලන්න අඳුරගන්න පුලූවන්ද කියලා.

TLR කැමරාව
මේකෙ ක‍්‍රියාවලියත් SLR එකට බොහෝදුරට සමානයි, මෙහිදී අපිට පෙර දර්ශණය බලාගන්න එක කාචයකුත්, ඡායාරූපය සඳහා ප‍්‍රතිබිම්බය ලබාගැනීමට තවත් කාචයකුත් භාවිතා කරනවා. මෙහි තවත් විශේෂත්වයක් තමා ප‍්‍රතිබිම්බය කැමරාවේ උඩ පැත්තේ තිරයක සටහන් වීම. ඒ නිසා ඡායාරූප ගන්න වෙන්නේ මෙහෙම.

දැන් මේ කැමරා වර්ග ගැන සංසන්දනය.
Fixed focus එකේ වාසිය තමා ඡායාරූපකරණය ගැන දැනුමක් අවශ්‍ය නොවීම. අනිත් දෙක සඳහා ඒ දැනුම ඕනේ. මේ දැනුම කියන්නේ, කැමරාව නාභිගත කිරීම (focusing) (කාච පද්ධතිය මගින් පැහැදිලි ප‍්‍රතිබිම්බයක් ලාබාගන්න ඒක නාභිගත කරන්න එපායැ) කාච විවරයය හා කාච ද්වාරය සුදුසු අගයන්ට සැකසීම (මේ සඳහා පසුකාලීනව ඉලෙක්ට්‍රොනික මීටර ආවා) කැමරාව ටිකක් බර නිසා භාවිතයේ පොඩි පලපුරුද්දක් ඕනේ.
අනිත් දෙකට සාපේක්ෂව SLR එකේ වාසිය තමා ඡායාරූපයේ සටහන් වන රූපයම අපිට කලින් දැකගත හැකිවීම. අනිත් දෙකේ මේ සඳහා පාවිච්චි කරන්නේ වෙනම විවර දෙකක් නිසා සටහන් වන රූපයට වඩා වෙනස් කෝණයකින් තමා අපිට පෙනෙන්නේ. අර බෙල්ල නැති ෆොටෝ වදින්නේ එතකොට තමා.
ඔබත් විනෝදාංශයක් විදියට ඡායාරූප ශිල්පයේ යෙදෙනවනම්, කලාත්මක ඡායාරූප ටිකක් ගන්න කැමතිනම්, ඡායාරූප තාක්ෂණය ගැන යම් තරමක හෝ අවබෝධයක් ලබාගැනීම වැදගත් වෙනවා. ඒ වගේම පුලූවන් නම් SLR වගේ ඇනලොග් කැමරාවක භාවිතයේ පුරුද්දක් ලබාගැනීමත් වැදගත්.




Post new comment