
වෙබ් අඩවි නිර්මාණය
12/28/2009 4:23 am By Rahula Samaranayake | Articles: 11
HTML සබැඳි (HTML links)
අන්තර් ජාලයේ ඇති වෙනත් ලේඛයක්(document) සඳහා සම්බන්ධ කිරීමට HTML සබැඳි යොදා ගනී. සබැඳි වර්ග 2 කි. යම්කිසි පෙළක් (text) හෝ රූපයක් (image) සබැඳි ලෙස යොදාගත හැක.
අධි සබැඳියක් සාදාගන්නා ආකාරය (document)
මේ සඳහා HTML යොදාගන්නා ටැගය වන්නේ <a>ය. මෙය ඇන්කරය (anchor) ලෙස හැඳින්වේ. ඇන්කරයක් අන්තර්ජාලයෙහි ඇති ඕනෑම ලේඛයක් හෝ සම්පතකට යොමු කළ හැක.
උදා : රූප, චිත‍්‍රපට (movies)
ගීත (audio songs)
href යන උපලක්‍ෂණය (attribute) සම්බන්ධ කරන ලේඛයේ ලිපිනය සඳහන් කිරීමට යොදාගන්නා අතර අධි සබැඳිය ලෙස දිස්වන වචන ආරම්භක හා අවසාන ටැග (open and close) යන අතර ඇතුළු කරනු ලබයි.
ඇන්කරයක් සාදාගැනීමේ වාග් රීතිය
(syntax for creating an anchor)
<a herf = "url " > දශනය විය යුතු වචන </a>
උදා : < a href = " http: // www. digit.lk/ "> Visit IT Magazine </ a>
Web host
තමන්ගේ ම වෙබ් සේවාදායකයින්(web servers) නොමැති පුද්ගලයින් හෝ සමාගම් සඳහා සේවාදායක අවකාශ (server space) වෙබ් සේවා්(web servers) සහ ගොනු කළමණාකරනය(file maintainance) වැනි පහසුකම් සලසා දෙන වෙළෙඳ සමාගමක් වෙබ් සත්කාරකයක් ලෙස හැඳින්වේ. වෙබ් සත්කාරකයට අන්තර්ජාලයට ස්ථාවරව සම්බන්ධ කර ඇති පරිගණක ඇත. නිර්මාණය කරන ලද වෙබ් පිටු ප‍්‍රකාශනය (publish) කිරීම සඳහා වෙබ් සත්කාරකයක් අවශ්‍ය වේ. මෙහිදී සිදුවන්නේ ඔබ සැලසුම් කර අවසන් වෙබ් පිටු වෙබ් සේවාදායක පරිගණකයට මාරු කිරීමයි.
වෙබ් පිටුවක් විශ්ව විසිරි වියමනෙකි ප‍්‍රකාශනය කිරීම සඳහා අදාළ පියවර
(1)HTML යොදා ගනිමින් වෙබ් අඩවිය සඳහා පිටු නිර්මාණය කිරීම
මේ සඳහා Dream Weaver හෝ(Microsoft front page) වැනි මෘදුකාංග වුව ද යොදාගත හැක.
(2) අවසන් කළ ලේඛ(document) www සේවාදායක පරිගණකයේ (www server) ගබඩා කිරීමට අවසර ගැනීම.
ඔබ නිර්මාණය කරන ලද වෙබ් පිටු හා අඩවි ඇතුළත් ගොනු wwwසේවාදායක පරිගණකයේ ගබඩා කළ යුතුය. එසේ ගබඩා කිරීමෙන් පසු අන්තර්ජාල බ‍්‍රව්සර මඟින් මේවා නිරන්තරයෙන් ලබාගත හැක. ඔබගේ දෙපාර්තමේන්තුවට (department) බාගත කළ යුතුය.
තවද වෙබ් පිටුව ප‍්‍රකාශනය කිරීම සඳහා ඔබට වෙබ් සත්කාරකයක් (web host) අවශ්‍ය වේ. අඩු ගාස්තු අයකරන වෙබ් සත්කාරක සොයාගැනීම සඳහා
http:// www.the freecountry.com/webhosting/budget1.html වෙබ් පිටුවට පිවිසෙන්න.
එහිම වෙබ් සේවාදායක පරිගණකයක් ඇත්නම් ඔබට, ඔබේ වෙබ් අඩවි/පිටු එහි ගබඩා කළ හැක. මේ සඳහා වෙබ් සේවාදායක කළමණාකරු (web server admin) ගෙන් අවසර ගත යුතුය.
(3) අවසන් කළ ලේඛ වෙබ් සේවාදායක පරිගණකයට මාරු කිරීම.
(Transfer the completed documents to the web server)
නිර්මාණය කළ ලේඛ(documents) පිළිබඳව ඔබ තෘප්තිමත් නම්, ඒවා වෙබ් සේවාදායක පරිගණකයට ගෙන යා යුතුය. ගොනු මාරු කිරීම් වැඩසහෙනක් (file transfer programme) මඟින් බොහෝ විට ලේඛ අඩංගු සම්පූර්ණ ෆෝල්ඩර(folder) මාරු කරනු (transfer) ලැබේ.
Windows හි ගොනු මාරුකිරීම් වැඩසටහන - FTP
Macintosh හි ගොනු මාරුකිරීම් වැඩසටහන - Fetch
වෙබ් අඩවියක් සැලසුම් කිරීම සඳහා ඔබට Mozilla composer අවශ්‍ය වේ. මෙය http:// www.mozilla.org/products/ ට පිවිසීමෙන් බාගත කළ හැක. මෙහිදී ඔබගේ මෙහෙයුම් පද්ධතිය සඳහා සුදුසු අනුවාදය(version) බාගත කරගන්න. Mozilla suit සහ Mozilla firefox යන ඒවා එකම නොවන බව අවබෝධ කරගත යුතුය. Mozilla firefox යනු වෙබ් බ‍්‍රව්සරයක් (web browser) වන අතර (Mozilla suite) හි බ‍්‍රව්සරයක් විද්‍යුත් තැපැල් සේවාලාභියෙක් (email client) IRC chat ලාභියෙක් (IRC chat client) සහ HTML සංස්කාරකයක් (HTML editor) අඩංගු වේ. ඔබ දැනටමත් firefox භාවිතා කළ ද Mozilla composer ලබාගැනීම සඳහා Mozilla suite බාගත කළ යුතුය.
තවද, වෙබ් පිටුව ප‍්‍රකාශයක කිරීම සඳහා ඔබට වෙබ් සත්කාරකයක් (webhost ) අවශ්‍ය වේ. අඩු ගාස්තු අයකරන වෙබ් සත්කාරක සොයා ගැනීමට,
http:// www. thefreecountry.com/web hosting / budget1.html
වෙබ් පිටුවට පිවිසෙන්න.



Post new comment