Chamira Prasad Jayasinghe is an undergraduate at Sri Lanka Institute of Information Technology (SLIIT).He has been working on computer programming since he was 12. Chamira has started his carrier with GW-Basic and was able to develop software applications and games with Visual Basic 6.0 and C through his self studies. He is also interested in Artificial Intelligence Programming and DirectX Programming techniques. Chamira has also participated in many programming competitions and was able to achieve many awards. He has also represented Sri Lanka for APICTA in year 2007. Chamira is a programmer who has slight interests in performing underground street magic.
 

විෂුවල් බේසික් මගින් DirectX8 භාවිතා කර වීඩියෝ ක‍්‍රීඩා නිපදවීම

02/18/2009 1:33 am By Chamira Jayasinghe | Articles: 7

 

ගියවර පලවු ලිපියෙන් ඔබ ඩිරෙක්ස් කේතයන්ට ප‍්‍රවේශයක් ලබා ගත්තායි මම සිතමි. ඔබට යම් කිසි විෂය ක්‍ෂේත‍්‍රයක ප‍්‍රවීණයෙකු විය හැක්කේ එයට ඇලූම් කිරීමෙන් හා නැවත නැවත එය භාවිතා කිරීමට හුරුවීමෙනි. මා පළමුවන ලිපියේ දී ඔබට පහදා න්නේ ඩිරෙක්ස් රාමුවක් සදාගන්නේ කෙසේදැයි කියායි. දැනටමත් ඔබ එම කේතනයන් උපයෝගී කොට ගෙන එම රාමුව නිපදවා ඇතැයි මම සිතමි. එහිදී මම ඔබට අභ්‍යාසයක් ද දුනිමි. එහිදී ඔබට මා පැවසුවේ ඔබ සාදා ගත් රාමුවේ පසුතල වර්ණය වෙනස් කිරීමට උත්සාහ දරණ ලෙසයි. ඔබ නියමිත ආකාරයට කේතන අභ්‍යාසයේ යෙදුනේ නම් ඔබට එය ඉතා පහසුවෙන් කරගැනීමට හැකි වනු නියතය.

Direct3D_Device.Clear 0, ByVal 0, D3DCLEAR_TARGET, D3DColorRGBA(0, 0, 0, 0), 1#, 0

එය අප සිදුකරන්නේ මෙසේය. මෙහිදී රතු, කොළ, නිල් යන මූලික වර්ණයන්ගේ අගයන් විචලනය කොට ඔබට කැමති වර්ණය සාදා ගත හැක.

තවද, පහදා දිය යුත කරුණක් ඇත. ඩිරෙක්ස් frame rate එක ස්යංක‍්‍රියව පාලනය කරයි. මොනිටරයේ refreshing rate එකට වැඩසටහනෙහි Frame rate එක සමාන කිරීමේ හැකියාව ඩිරෙක්ස් සතු වෙයි.

 

අපගේ ඩිජිට් සඟරාව පාසල් යන නංගිලා මල්ලිලා ද පරිහරණය කරන නිසා මම ඉතාමත්ම සරලව මාගේ මෙම ලිපි පෙල ලිවීමට උත්සාහ දරමි. මම වැඩියෙන් උත්සාහ දරන්නේ පාසල් යන නංගිලා මල්ලිලාට මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමටයි. අප පෙර ලිපියෙන් ඉගෙන ගත්තේ සවි රාමුවක් තුල වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියාය. නමුත්, ඔබ දැක ඇති පරිදි බොහෝමයක් පරිගණක ක‍්‍රීඩා ක‍්‍රියාත්මක වන්නේ සම්පූර්ණ තිරයේය. එබැවින්, මා අද ඔබලාට කියාදීමට බලාපොරොත්තු වන්නේ සම්පූර්ණ තිරයේ පරිගණක ක‍්‍රීඩාවක් ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියාය. මෙහිදී ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පපමණක් සිදුකිරීමට ඇත. මෙහිදී කේතනයන්ගෙන් සිදුවන දෙය පිළිබඳව මෙහිදී පහදා දීමට මා බලාපොරොත්තු වෙමි.

මුලින්ම වැඩසටහනට අවශ්‍ය විචල්‍යයන් වෙන් කරගෙන සිටිමු.

 

දැන් අප විසින් සියළුම දේ කර හමාරය. තව එකම එක දෙයක් කිරීමට ඉතිරිව පවතී. මතක් කර බලන්න......

 

හොඳින් මතක් කර බලන්න..... ඔව්, ඔබ නිවැරදිය. දැන් අප unload කල යුතුය. ගියවර මා ඉගැන්වූ පරිද දැන් එම කේතනය තනියම ගසා හුරුවන්න. ලබන සතියේ දී අප ඩිරෙක්ස් වල ඇති ඉතාම සුන්දර තැනක් මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ඩිජිට් හා රැුදී සිටින්න....

 

Share/Save
No votes yet

Post new comment