පරිගණක තිරයේ ඇති කර්සරය
(Curser) චලනය කිරීමට හෝ යමක් සක‍්‍රිය
(Activate) කිරීමට අවශ්‍ය වූ විට මූසිකය යොදා ගනී. භාවිත කරන්නාගේ අතෙහි චලනය සහ තද කිරීම්
(Click) සංවේදනය කර, ඒවා පරිගණකය වෙත සංඥා ලෙස ලබාදීම මෙමඟින් සිදුකරයි. එවිට පරිගණකය මඟින් ඊට අදාලව ඉක්මණින් ප‍්‍රතිචාර
(Response) ලැබේ. මූසික ක‍්‍රියාත්මක වන ආකාරය අනුව දෙවර්ගයකි.
-
සාමාන්‍ය මූසිකය (Normal mouse)
-
ප‍්‍රකාශ මූසිකය (Optical mouse)
වර්තමානයේ ප‍්‍රකාශ මූසිකය ඉතා ප‍්‍රචලිත වී ඇත. ඊට හේතුව ඒවා ඕනෑම මුහුණතක් මත (Surface) තබා භාවිත කිරීමට හැකි වීමයි. නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අඩුවීම ද මෙහි ඇති වාසියකි.
පරිගණක යතුරු පුවරු (Computer Keyboard)
-
යතුරු -101 වැඩි දියුණු කරන ලද යතුරු පුවරුව (101-Key Enhanced Keyboard)
-
යතුරු -104 වින්ඩෝස් යතුරු පුවරුව (104-Key Windows Keyboard)
-
යතුරු -82 ඇපල යතුරු පුවරුව (82-Key Apple Standard Keyboard)
-
යතුරු -108 ඇපල් දිගු යතුරු පුවරුව (108-Key Apple Extended Keyboard)
ඕනෑම යතුරු පුවරුවක පහත දැක්වෙන යතුරු ආකාර 4 පවතී.
-
ටයිප් කරන යතුරු (Typing Keys)
-
අංකමය යතුරු පුවරුව (Numeric Keypad)
-
ක‍්‍රියාකාරී යතුරු (Function Keys)
-
පාලන යතුරු (Control Keys)
ටයිප් කිරීම සඳහා අක්‍ෂර යතුරු (Letter keys) භාවිතා වේ. මෙම අක්‍ෂර වල පිහිටීම සමාන්‍ය යතුරු ලියනයක
(Type writer) යතුරු වල පිහිටීම ගනී. බොහෝ යතුරු පුවරු
(Qwerty) වින්‍යාසය ගනී. එනම්, යතුරු පුවරුවේ මුල් කොටසේ එක පිළිවෙලට ඇති අක්‍ෂර පිළිවෙල
(Qwerty) යි. යතුරු 17 කින් සමන්විත අංක සහ කාරක
(Operators) වලින් සැදුම් ලත් කොටස අංකමය යතුරු පුවරුවයි.
(Numeric keypad) මෙහි අරමුණ වන්නේ ඉක්මණින් පරිගණකය වෙත දත්ත ඇතුළත් කිරීමයි. යතුරු පුවරුවේ ඉහළ කොටසේ එක පෙළට ඇති විශේෂ කි‍්‍රයාකාරී යතුරු
(Function keys) ලෙස හැඳින්වේ. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට
(Operating system) මෙම යතුරු වලට විවිධ විධාන
(Commands) පැවරීමට හැකියාව ඇත. කර්සරයේ
(Curser) හා තිරයේ (Screen)ඇති යම් යම් දේ පාලනය කිරීමට පාලන යතුරු
(Control keys) යොදා ගනී. කර්සරයේ පිහිටීම කුඩා අවකාශ (space)වල සිට විශාල පරතරයක් දක්වා වෙනස් කිරීමට ඊ සළකුණු යතුරු
(Arrow keys) සහ (Tab) යතුර භාවිතා කළ හැක. තවද, ලිපි ලේඛනයක් (Document) කියවීමේ දී
(Home, End, Page, up, Page down)වැනි පාලන යතුරු වල උපකාරය ද ලබාගත හැක.
ඇතැම් වින්ඩෝස් යතුරු පුවරු වල අමතර පාලන යතුරු තිබේ. උදාහරණ ලෙස (Winkey) දැක්විය හැකිය. මෙය තද කිරීමෙන් ඔබට වින්ඩෝස් හි (‘Start menu’) ක්‍ෂණිකව විවෘත කරගැනීමට හැකිය. මීට අමතරව පරිගණකයේ ශබ්දය අඩු වැඩි කිරීමට, විද්‍යුත් තැපැල් ලිපි වලට යාමට සහ තවත් විවිධ කාර්යයන් සඳහා පාලන යුතුරු ඇතැම් යතුරු පුවරු වලට ඇතුළත් කර තිබේ.
යතුරු වර්ග උදාහරණ
Post new comment