Python(පයිතන්) හඳුනා ගනිමු

 

by Dasun Weerasinghe

            දහසක් පරිගණක භාෂා අතරින් තවත් එක් පරිගණක භාෂාවක්. දහසක් පරිගණක භාෂා අතරින් පයිතන් සුවීශේෂී වන්නේ එහි ඇති වේගය, ඉතා ඉක්මනින් ඉගන ගත හැකිවීම, කුඩා කේත ප්‍රමාණයකින් ලිවීමේ හැකියාව වැනි බොහෝමක් අංගයන් නිසා. ඒ අතරින් වඩාත් වැදගත්ම ලක්ෂණය පයිතන් වලින් ලියන ලද පරිගණක වැඩසටහන් (MS Windows, Linux(Unix-like), Mac OSX,Amiga, Palm Handheld,Symbian OS Series60  ආදී)බොහෝ පද්ධති ගණනක ධාවනය කළ හැකිවීම යි. ලොව ජනප්‍රියතම වෙබ් අඩවි කීපය අතර වන ගූගල් වෙබ් සෙවුම් යන්ත්‍රය (Google search engine), YouTube  ආදී වෙබ් අඩවි ද  BitTorrent, Gentoo Portage වැනි ඩෙස්ක්ටොප් පරිගණක වැඩසටහන් ද මේ මගින් නිපැයූවන් වීම පයිතන්හී සූවිශේෂී භාවයට හොඳ සජීවී නිදසුන් කිපයක් පමණ යි.

            කේත රචනයට යොමුවීමට අදහස් කර සිටන නවකයන්ට ද  ආරම්භයක් ලෙස ඉතා පහසුවේ කේතන ක්‍රමවේද ඉගැනුම සඳහා යොදාගන්න පුළුවන්. එය එතරම්ම සරලයි. ඒ වගෙම විනෝදාත්මක යි. ආධුනිකයෙකුට පයිතන් ඉගැනුමේ ලොකුම වාසිය අත්වන්නේ එකම පරිගණක භාෂාවක් මගින් විවිද පරිගණක ක්‍රමවේ ද(imperative,  functional, object oriented) අත්හදා බලා ඉගන ගැනුමට හැකිවීම යි. පයිතන් හී නිල වෙබ් අඩවිය (http://www.python.org) මගින් ඔබට පයිතන් භාගත කරන්න පුළුවන්. වැදගත්ම කාරනය වනුයේ එය නොමිලේම භාගත කළ හැකි විවෘත සහ නිදහස් මෘදුකාංගයක් වීම යි.

මෙතෙක් ආමග

විවිද  ක්‍රමවේද  භාවිතා  කරන්නත් පුළුවන්

කේත  ලියන්නේත්  අමුතු ක්‍රමය කට

Scripting Language එකක් ලෙසටත් ඉදිරියන්

විශේෂ යෙදුම්

Standard library විශාල ගණනක්

අවසන් සටහන

මෙතෙක් ආමග

          1990 දී ලන්දේසි ජාතිකයෙකු වන Guido von Rossum විසින් පයිතන් ලොකයට හඳුන්වා දුන්නා. මූලිකව පයිතන් නිර්මාණය කරලා තියෙන්නේ ABC නම් පරිගණක භාෂාවේ ඇති ලක්ෂණ බොහෝමයක් ආභාෂට අරගෙන. දැන් වන විට පයිතන් ලෝකයම ආක්‍රමනය කරලා කිව්වොත් වැරදි නෑ. Desktop Applications, වෙබ් අඩවි වලින් නොනැවතී දුරකථන සඳහා ද තම අනසක පතුරන්නටත් මේ පිඹුරාට(පයිතන්) හැකි වෙලා තියෙනවා. මේ ලිපිය ලියන විට python 3.0 වෙළුම නිකුත් වේලා අවසාන යි. නමුත් ඉදිරියේදී ලිපිවලදී විශේෂයෙන් සඳහන් නොකරන ලද අවස්තාවන් හීදී  2.6 වෙළුම භාවිතා කිරීමට අදහස් කර ඇත. ඒ බොහෝමයක් තුන්වෙනි පාර්ශවයන් විසින් නිර්මිත මොඩියුලයන් තවම නව වෙළුමට යාවත් කාලින කර නැති නිසා.

විවිද  ක්‍රමවේද  භාවිතා  කරන්නත් පුළුවන්

            පයිතන් මගින් ‍කේතනය කිරීමේදී object oriented, imperative(Procedural/Structured),  functional ආදී කේතන ක්‍රම(programming paradigms)  කීපයන් කැමති ක්‍රමයකින් හෝ ඇවැසිනම් object oriented අමතක කර Procedural ක්‍රමයටම වුවද භාවිතා කරන්න පුළුවන්. එසේම එමගින් ලියන ලද කේතයක් ජාවා(java) හෝ ඩොට් නෙට්(.net) මත පවා ධාවනය කරන්නට සුදුසු පරිදි සකස් කළ හැකිවීමත් විශේෂ වාසියක්. තවද C, C++ ආදී  පරිගණක භාෂා මගින් ලියන ලද මොඩියුලයන්ට පයිතන් පහසුවේන් සංකලනය(integration) කළ හැකි යි. අවශ්‍ය නම් C වල සිට Python මොඩියුලයන් ගේ  සහය ද ලභා ගත හැක.

කේත  ලියන්නේත්  අමුතු ක්‍රමය කට

            පයිතන්හී කේතනය සඳහා යොදාගන්න ක්‍රමවේදය(syntax) ඉතා සිත්ගන්නා සුළුයි. වෙනත්  පරිගණක භාෂාවන් වල ‍මේ ක්‍රමය සුළභව භාවිතා කරලා නැහැ. ‍සාමාන්යෙන් බොහෝමයක් පරිගණක භාෂාවන්හී කේත කොටසක් වෙන් කර දැක්වීමට සඟළ වරහන්, විශේෂ කී වර්ඩ්(begin, end, end sub, end if ...)  ආදිය භාවිතා වන මුත් පයිතන් හී භාවිතා කරන්නේ ඉන්ඩන්ටේෂන් එකයි.. මෙහිදී වෙන්කර දැක්වීමට කේතයන් එක පෙළට හිස් තැන් මගින් හෝ ටැබ්(tab) මගින්  දැමීම මගින් සිදු කරනවා. මේ ලක්ෂණය නිසා සමහර නවකයන් පසුබෑමකට ලක් වෙනවා. ඒ මීට කලින් වෙනත් පරිගණක භාෂා වල ක්‍රමවේදයන්ට ඇබ්බැහි වී සිටින නිසා යි. පසුබට නොවී උත්සහ කළහොත් එය වඩා පහසු බව වැටහේවී.

Scripting Language එකක් ලෙසටත් ඉදිරියන්

            පයිතන් Scripting Language එකක් ලෙසටද භාවිතා කළ හැකියි. Scripting Language ලෙස හඳුන් වනුයේ කම්පයිල් කිරීමකින් තොරවම ධාවනය කළ හැකි කේතයන් සහිත පරිගණක භාෂවන්ටයි. මේ ගුණාංගය නිසා වෙබ් අඩවි නිර්මාණයටද විවිද පරිගණක වැඩසටහන් වලට ඔබ්බවා ඇති   භාෂාවක් සේද භාවිතා කරයි. Blender, Maya, Houdini, Softimage XSI, TrueSpace, Poser, Modo, Nuke  ආදී ත්‍රිමාණ රූප නිර්මාණ මෘදුකාංග මීට හොඳ උදාරහණයක්.

විශේෂ යෙදුම්

පයිතන් සඳහා යෙදුම් විශාල ගණනක් තියෙනවා. CPython, Jython, IronPython, PyPy, PyS60 ආදිය ඉදිරියෙන් ඉන්නවා.  Jython මගින් පයිතන් කේතයන් ජවා බයිට කෝඩ් බවට පරිවර්තනය කරන්නත්  IronPython මගින් පයිතන් කේතයන් .net  හෝ මොනෝ  Framework සඳහා පරිවර්තනයත් සිදු කරයි.

PyS60 යනු Nokiya දුරකථන සඳහා නිරමිත පයිතන් පරිවර්තක යයි.

Standard library විශාල ගණනක්

සම්මත මොඩියුල විශාල ගණනක් පයිතන් සඳහා තිබීම එ‍හි ඇති  වාඩාත්ම වැදගත්ම ලක්ෂණ යයි. එනම් බොහොමයක් නිතර භාවිතා වන කේත කොටස් බොහෝමයක් පයිතන් වල අඩංගු වෙලා තියෙනවා. මේ නිසාම තමයි පයිතන් සමගින් ඉතාමත් පහසුවේන් හා ඉක්මනින් කේත රචනයේ යෙදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.

අවසන් සටහන

මූලික සටහනකදී නොකියාම බැරි කරුනු කීපයක් ගැන පමණයි මෙහිදී මා ලියන්නට අදහස් කළේ. මින් පෙර පරිගණක කේත රචනයේ යෙදී සිටි නොමැති ආධුනිකයෙකුට සමහරක් කරුණු නොවැටහිය හැකි යි. නමුත් ඉදිරි ලිපි වල දී ඒ සියල්ල එකින් එක නිරාකරණය වනු ඇතැයි බලාපො‍රොත්තු වෙමි.

Share/Save
No votes yet

Post new comment