Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
අපි සිංහලෙන් වැඩ කරමු

මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්‍ය ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි.
පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, තාක්ෂණිකඥයින් , උගතුන් පරිගණක තාක්ෂණයේ දියුණුවට කර ඇති මෙහෙය අති විශාලයි. මුල් කාලයේදී පරිගණකය හැසිරවූයේත්, අපගේ අවශ්‍යතා ඉටු කරගත්තේත් ඊටම ආවේණික භාෂා වලින්. පසුකාලයේදී පරිගණකය හැසිරවීම මෙන්ම අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප එදිනෙදා භාවිත කරන භාෂාවන් යොදා ගැනීම ඇරඹුණා. එහිදී මුල්වරට බොහෝ පරිගණක පරිශීලකයන් අතර ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි බසයි. ඒ සඳහාද හේතු කීපයක් බලපෑවා. එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉංග්‍රීසි භාෂාව මේ වනවිට ලෝකය පුරාම ජාත්‍යන්තර භාෂාවක් ලෙස ව්‍යාප්ත වී තිබීමයි. මීට අමතරව තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ පරිගණක තාක්ෂණය මුල් කාලයේදී ඇමෙරිකාව හා යුරෝපය වැනි ඉංග්‍රීසි භාෂාව භාවිත කරන රටවල් මූලික කරගෙන ව්‍යාප්ත වීමයි.
ඒ සියල්ල පරිගණකය හා බැඳුණු අතීත කතා. අද වන විට පරිගණක තාක්ෂණය මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. විශ්ව ගම්මානය කියන සංකල්පය ඔස්සේ මුළු ලෝකයම අද එකට එකතු වෙලා. අන්තර්ජාලය ඒ වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනවා. ඒ කෙසේ වෙතත් ලෝකය පුරා පරිගණකය හා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත වෙද්දී යම් යම් ගැටළුද පැණ නැගුණා. ඉන් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මුළු ලෝකයේ ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ වැඩ කිරීමට නොහැකි වීම. ඒ නිසාවෙන්ම පරිගණක භාවිතය අත හරින්නට තරම් ජනතාව පසුබට වූයේ නෑ. ඒ වෙනුවෙන් විසඳුම් සොයා ගියා. “ දේශීය කරණය” නම් වූ සංකල්පය පරිගණකය වෙතටත් ළඟාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.
කෙටියෙන්ම කියනවා නම් තමුන්ගෙ රටේ භාෂාවෙන් , තමුන්ගෙ රටේ සංස්කෘතියට අනුකූලව තමුන්ගෙ සමාජ ක්‍රමය ඔස්සේ පරිගණකය මගින් තමුන්ගෙ වැඩ කරගන්නට හැකි පරිදි තාක්ෂණය දියුණු වුණා. මෙසේ තාක්ෂණය ඉදිරියට යද්දී අපේ රටේ අපේ බස - සිංහල භාෂාවත් මග නැවතුනේ නෑ. සිංහල බසින් පරිගණකය මගින් වැඩ කරගැනීම ඇරඹුණා. තමුන්ගෙ මවුභාෂාවෙන් තමුන්ගෙ වැඩ කරගන්නව කියන්නෙ සැබැවින්ම වාසනාවක්.
ඉතිං මේ digit සඟරාවේ මෙම ලිපි පෙලින් අපි බලාපොරොත්තු වෙන්නේ අද වන විට අපිට අපේ භාෂාවෙන් පරිගණකය හරහා කරගත හැකි වැඩ මොනවද කියන එක සාකච්ඡා කරන්නයි. විශේෂයෙන්ම අපේ පාසැල් යන නංගිල මල්ලිලාට සිය අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකය භාවිත කළ හැක්කේ කොහොමද කියන කාරණයත් එහිදී සිංහල මාධ්‍යයෙන් කළහැකි දේ මොනවාද කියන දේත් අපි සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනයේදී බහුතරයක් අධ්‍යාපනය ලබන්නේ සිංහල මාධ්‍යයෙන් නිසා එම කරුණු ඔබට වැදගත් වනු නොඅනුමානයි. මෙම ලිපි පෙල මාස්පතා කියවූවොත් ඔබට තේරේවි අපිට කොපමණ දේවල් අපේ බසින් කළ හැකිද කියන කාරණය.
ඉතින් අපි දැන් මුල ඉඳන්ම පටන් ගනිමු. ඔබට ඔබේ පරිගණකයෙන් සිංහලෙන් වැඩ කරන්න නම් පළමුව ඒ සඳහා යම් සැකසීම් කිහිපයක් සිදුකළ යුතුයි. මෙහිදී සඳහන් කළයුතු විශේෂ දෙයක්නම් , ඔබ භාවිත කරන්නේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය නම්, ඔබට අමතර මෘදුකාංග ස්ථාපනයෙන් තොරවම හෙල බසින් වැඩ ගන්නට පුළුවන්.
ඔබේ පරිගණකයේ සිංහල සහය ලබාගැනීමට අවශ්‍ය මෘදුකාංගය පහත දැක්වෙන වෙබ් අඩවි ලිපිනයෙන් ඔබට ලබාගත හැක.
http://www.siyabas.lk/sinhala_how_to_install.html
01. පළමුව මෙහිදී ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතියට අදාලව සිංහල සහය මෘදුකාංගය බාගත කරගන්න.
02. දැන් අදාල මෘදුකාංගය පරිගණකයට ස්ථාපණය කරන්න.
03.මීළඟට ඔබ කළ යුත්තේ සිංහල යතුරු පුවරුව සඳහා වූ සැකසුම් සකස් කිරීමයි. සාමාන්‍යයෙන් අදාල මෘදුකාංගය ස්ථාපණය කළ පසු පහත සැකසුම් ස්වයංක්‍රීයවම සැකසේ. ඔබේ පරිගණකයේ එසේ වී නොමැතිනම් පහත උපදෙස් පිළිපදින්න.
04. මේ සඳහා පරිගණකයේ control panel වෙත පිවිසෙන්න. Control panel හි ඇති Regional and Language Options තෝරා ගන්න.
05. එහිදී key boards and Languages නම්වූ ටැබ් එක තෝරා ගන්න. දැන් key boards and other input languages යටතේ ඇති
06. දැන් ලැබෙන text services and Input Languages වින්ඩෝ එකෙහි පසෙකින් ඇති Add බොත්තම ඔබන්න. මෙහිදී ඔබට සිංහල භාෂාව සහ
සම්මත විජේසේකර යතුරු පුවරුව තෝරා ගන්නනට අවස්ථාව සැලසේ.
07. දැන් Language Bar නම්වූ ටැබ් එක තෝරා ගෙන ඔබට අවශ්‍ය පරිදි Language Bar එක දිස්විය යුතු ආකාරය සකසා ගන්න. Language Bar එක යනු අපිට අපගේ input language එක විටින් විට වෙනස් කිරීමට පහසුවෙන් අවකාශය සලසන අංගයකි.

08. ඔබේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය නම් Formats නම්වූ ටැබය හරහා අපේ රටේ භාවිතයන් වෙතට අදාල සැකසුම් සකස්කර ගන්න. එවිට ඔබේ පරිගණකයේ දිනය පවා සිංහල ක්‍රමයට සැකසෙනු ඇත. දිනයට අමතරව අංකන පිළිවෙල , මුදල් වර්ගය, වේලාව සහ දිනය සටහන් කරන දිගු සහ කෙටි ක්‍රමය ආදියද අපිට අදාල පරිදි වෙනස් වේ.

අපි දැන් බලමු අපි විසින් සිංහල බසින් ලේඛණයක් යතුරු ලියනය කිරීමේදී මුහුණ පාන ගැටලු සහ ඒවාට විසඳුම්.
සිංහල භාෂාවෙන් යතුරු ලියනය කරන්නට නම් පළමුව ඔබට අවශ්‍ය මෘදුකාංගය විවෘත කරගන්න. මයික්‍රොසොෆ්ට් වර්ඩ්, පවර් පොයින්ට්, එක්සෙල් , වර්ඩ් පෑඩ් හෝ නෝට් පෑඩ් ආදී ඕනෑම මෘදුකාංගයක් හරහා ඔබට යතුරු ලියනය කරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස මෙහිදී මම ඔබට කියන්නට යන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් හරහා සිංහල බසින් ලේඛණයක් සකස් කර ගන්නේ කෙසේද කියායි.
පළමුව අදාල මෘදුකාංගය විවෘත වූ පසු ඔබගේ ඇතුලත් කිරීමේ භාෂාව (input language) ලෙස සිංහල බස තෝරාගන්න. ඉන්පසුව ඉතාමත් පහසුවෙන් සිංහල බසින් ඔබට යතුරු ලියනය කළ හැකියි.

මෙහිදී ඔබට යතුරු පුවරුව මගින් අකුරු ඇතුලත් කිරීම අපහසුනම් ඔබේ පරිගණකයේ ද ON SCREEN KEY BOARD වැඩසටහන හරහාද අවශ්‍ය ඇතුලත් කිරීම් සිදුකළ හැක. මීට අමතරව සිංහල අකුරු මුද්‍රණය කළ යතුරු පුවරුද අද වෙළඳ පොලේ මිලදී ගැනීමට තිබේ.

අපි දැන් බලමු සිංහල භාෂාවේ විශේෂ ගුණාංග පරිගණකය හරහා ඇතුලත් කරන්නේ කෙසේද කියා.
- පා පිල්ල -
පි සියලු දෙනා දන්නා පරිදි සිංහල භාෂාවේ පා පිලි 2ක් තිබේ. ‘ම’ අකුරට පාපිල්ල එක් කළ විට එය ‘මු’ වෙයි. නමුත් ‘ක’ අකුරට පාපිල්ල එක් කළ විට එය ‘කු’ වෙයි. මෙහිදී අප පා පිලි 2ක් භාවිත කළද මීට පෙර විස්තර කළ අයුරින් සිංහල යතුරු ලියනය කරන්නෙක්ට එකම යතුරක් (key) භාවිත කර අදාල ලෙස පාපිල්ල එක් කළ හැක. මෙහිදී ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාවේ රීතීන් අප නොදැන සිටියත්, පරිගණකය එය දැන සිටීමයි. පහත දැක්වෙන්නේ උදාහරණ කීපයකි.
|
ස + ු = සු |
|
ම + ු = මු |
|
ක + ු = කු |
|
ත + ු = තු |
|
ව + ූ = වූ |
|
ත + ූ = තූ |
අල් කිරීම -
ඉහත සඳහන් කළ පරිදි යම් අකුරක් අල් කිරීමේදීද විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ. කුමන ආකාරයේ අල් කිරීමක් භාවිත කළද අප විසින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු නොවන්නේ පරිගණකය මගින් අවශ්‍ය පරිදි භාෂාව හසුරවා ගන්නා බැවිනි. ‘ම’ අකුරට අල්කිරීම එක් කළ විට ‘ම්’ වෙයි. ‘හ’ අකුරට අල්කිරීම එක් කළ විට ‘හ්’ වෙයි. මෙම කුමන ක්‍රමයට අල්කිරීම සිදුකලත් අප භාවිත කළ යුත්තේ අල් කිරීම වෙනුවෙන් යොදා ගන්නා “A” අකුර සහිත යතුරයි. පහත උදාහරණ සලකා බලන්න.
|
ස + ් = ස් |
|
ම + ් = ම් |
|
ක + ් = ක් |
|
ත + ් = ත් |
|
ර + ් = ර් |
|
ධ + ් = ධ් |
- සංඥක අකුරු
සිංහල භාෂාවේ සංඥක අකුරු ඇතුලත් කිරීමද එතරම් අපහසු නොවේ. “ඤ” අකුර සහ “ඥ” අකුර සඳහා වෙනමම යතුරක් වෙන් කර තිබේ. ඳ, ඟ, ඬ වැනි අකුරු ඇතුලත් කිරීම සඳහා කළ යුතු වන්නේ දකුණු පස ඇති “alt” යතුර සමග අදාල අකුර ඇතුලත් කිරීමයි. පහත උදාහරණ සලකා බලන්න.
|
Alt (දකුණු පස) + ද = ඳ |
|
Alt (දකුණු පස) + ග = ඟ |
|
Alt (දකුණු පස) + ඩ = ඬ |
- තවත් විශේෂතා.
සිංහල බසේ තවත් විශේෂතා රැසක් තිබේ. එම විශේෂතා බොහොමයකට පාහේ මෙම සිංහල පරිගණක මෘදුකාංගය ක්‍රියාකාරී වෙයි.
‘ර’ අකුර : ර අකුර භාවිතයේදී එහි පිලි සටහන් කරන ස්ථානය අනෙක් අකුරු වලට වඩා වෙනස්ය. මෙම තත්වයටද නිසි පරිදි ප්‍රතිචාර දක්වන්නට මෙම සිංහල යතුරු ලියන ක්‍රමවේදය සමත්ව සිටී. පහත උදාහරණ සලකා බලන්න.
|
ර + ් = ර් |
|
ර + ි = රි |
|
ර + ී = රී |
|
ර + ු = රු |
|
ර + ූ = රූ |
|
ර + ැ = රැ |
|
ර + ෑ = රෑ |
‘ළ’ අකුර : ‘ළ’ අකුර සැලකූ විටද යම් විශේෂතා දැකිය හැක. ‘ළ’ අකුරට පාපිල්ල එක් කර අකුරක් ලියන්නේ නැත. ‘ළ’ යන්නට ‘උ’ ප්‍රත්‍යය යෙදූ කළ එය ‘ළු’ වෙයි. එය යතුරු ලියනයේදී අප අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු නොවේ. එයට හේතුව පරිගණකය මගින් අවශ්‍ය පරිදි අකුරු සකසා ගන්නා බැවිනි. පහත උදාහරණ සලකා බලන්න.
|
ල + ු = ලු |
|
Shift + ල = ළ |
|
Shift + ල + ු = ළු |
|
Shift + ල + ූ = ළූ |
‘ද’ අකුර : ‘ද’ අකුර සැලකූ විටද එයට ‘උ’ ප්‍රත්‍යය එක් වූ විට ‘දු’ යන අකුර ගොඩ නැගේ. එහිදීද අප විසින් කළ යුතුවන්නේ ‘ද’ අකුර සමග ‘ු’ භාවිත කිරීමයි. පහත උදාහරණ සලකා බලන්න.
|
ද + ු = දු |
|
ද + ූ = දූ |
|
Shift + ද + ු = ධු |
|
Alt (දකුණු පස) + ද + ු = ඳු |
|
Alt (දකුණු පස) + ද + ූ = ඳූ |
|
ද + ්‍ර = ද්‍ර |
|
Alt (දකුණු පස) + ද + ්‍ර = ඳ්‍ර |
මේ ආකාරයෙන් ගත් කළ සිංහල භාෂාවේ සියළුම ලක්ෂණ පාහේ මෙම ක්‍රමය ඔස්සේ යතුරු ලියනය කිරීමට අපට හැකියාව ඇත. අද වන විට බොහෝ රාජ්‍ය අංශයේ කාර්යාල තුල භාවිත වන්නේ මෙම ක්‍රමයයි.
එහෙත් මුද්‍රණ ක්ෂේත්‍රයේදී මෙම යුනිකේත අක්ෂර භාවිතයෙන් යතුරු ලියනය කිරීම අවම මට්ටමක පවතී. ඊට හේතුව ලෙස අප දකින්නේ සිංහල යුනිකේත අකුරු රටා (fonts) කිහිපයක් පමණක් දැනට නිපදවී තිබීමයි. ‘ඉස්කෝල පොත’ , ‘පොත’ , ‘මලිති වෙබ්’ ආදී නම් වලින් හැඳින්වෙන මෙම අකුරු රටා වලට අමතරව විවිධ හැඩ වැඩ ගැන්වූ යුනිකේත අකුරු රටා හඳුන්වා දීමෙන් මෙම තත්වයද මගහැරී යනු ඇත.
මෙම ලිපියෙන් මවිසින් පෙන්නුම් කරන්නට තැත් කළේ අප විසින් අපේ බසින් ලේඛණයක් සකස් කරගැනීමේදී දැනගත යුතු කරුණු කීපයකි. මීළඟ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ මෙසේ අපේ බසින් ලිපි සකසා ගැනීමේදී විවිධ මෘදුකාංග ඔස්සේ සපයා ඇති විවිධ සේවාවන්(පිලිවෙලට සැකසීම, එකම ලිපිය කිහිප දෙනෙක්ට යැවීම ආදී බොහෝ දේ) ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමයි.
මෙම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, විවේචන යොමුකිරීම මෙම ලිපි පෙල ඉදිරියේදී ඔබේ කැමැත්ත පරිදි ඉදිරිපත් කිරීමට රුකුලක් වනු ඇත.
මරැ
මේක නම් නියමයි. පිස්සු හැදිල ආයෙත් හැදෙනව. මුලින් ටිකක් අමාරැයි. ඒත් එචිචර අවුලක් නෑ
:: Proud To Be Sri Lankan ::
:: Proud To Be Sri Lankann ::
ඔහොම යං...
නියමයි වජිර. අකුරු හොයා ගන්න මටත් ටික කලක් ගියා. ඒත් දැන් මතකෙන් ගහන තරමටම මට පුරුදුයි. මට ඒකට ගියේ සති 2ක් විතර. දැන් වේගය වැඩි කරගන්න තමා තියෙන්නෙ.
Post new comment